ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(04) පැවැත්වී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(04) පැවැත්වීමට නියමිතය.
ජනාධිපති නිල නිවසේදී අද පස්වරු 7.00ට මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා තිබේ.
විනය විරෝධී ක්‍රියාවල නිරත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය සම්බන්ධයෙන් ද මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිතය.
COMMENTS