රජයේ මුදල් අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බරපතළ ...
රජයේ මුදල් අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බරපතළ වංචා,දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.
මන්ත්‍රීවරයා ඉකුත් පාලන සමයේ අමාත්‍යවරයෙකු ලෙස සිටියදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන හා ඉන්ධන නිසි ක්‍රමවේදයකින් තොරව තම පුද්ගලික කාර්ය මණ්ඩලයට ලබාදුන් බවට චෝදනා එල්ලවී තිබුණි.
එසේම නිවාස හා සංවර්ධන අමාත්‍යංශයට අයත් නිවාස හා කඩකාමර නිසි ක්‍රමවේදයකින් තොරව තම ඥාතීන්ට ලබාදීම සිදුකර ඇති බවටද වීරවංශ මහතාට චෝදනා එල්ල වී ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් රජයට අහිමිවී ඇති වත්කම්වල වටිනාකම රු.ලක්ෂ 1000 ක් පමණ වන බව ගණනය කර තිබේ.
COMMENTS