හම්බන්තොට උද්ඝෝෂනය සංවිධානය කළේ, ඊට සහභාගී වූවන් උසිගන්වා යැවුවේ නාමල් රාජපක්ෂ විසිනි. එහෙත් රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළුවකට සහභාගී ව...
හම්බන්තොට උද්ඝෝෂනය සංවිධානය කළේ, ඊට සහභාගී වූවන් උසිගන්වා යැවුවේ නාමල් රාජපක්ෂ විසිනි. එහෙත් රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළුවකට සහභාගී වීමටයැයි කියා අද නාමල් එළියට පැමිණි අතර නාමල්ගේ කීමට උද්ඝෝෂනය කළ 'සහයට ඩැනීලා'ට ආපසු ආ සැටියෙන් ම ඇතුළට හෙවත් බන්ධනාගාරයට යාමට සිදුවිය. නාමල් රුසියාව පෙන්නා එළියට ඒමත් නාමල් තරම් ස්පෙශල් නැති නෝමල් අයට 30 වන දා තෙක් ඇතුළට යන්නට සිදුවීමත් පැහැදිලි කළ හැක්කේ 'පහත් තැනින් යයි ගලා ජලේ' න්‍යායෙන් ම පමණය.
බළලා මල්ලෙන් එළියට පැන්නේ ඩලසා හෙවත් ඩලස් අලහප්පෙරුම නිසාය. ඩලස් කියා තිබුණේ නාමල්ට ඇප දීමට එරෙහිව සන්ධානයේ ප්‍රබලයින් උසාවියට කරුණු දක්වා තිබුණු බවකි. එහෙත් ඔය කතාව තේරුම් ගත යුත්තේ අනිත් අතටය. එනම්, නාමල්ට ඇප ලැබුණේ ඔහු දේශපාලනයේ ප්‍රබලයකු වන නිසාය. ඔහු තරම් ප්‍රබල නැති ප්‍රසන්න රණවීරලාට, උපාලි කොඩිකාරලාට, අජිත් ප්‍රසන්නලාට ඇප නැත. ප්‍රසන්නලා, උපාලිලා, අජිත්ලා උඩ දාගෙන කොළඹ සිට උද්ඝෝෂනයට ගියේම නාමල්ලාගේ කීම නිසාය. එහෙත් ඔවුන්ට නැති ඇපය 'ප්‍රබලයෙක් වීම නිසා' නාමල්ට ලැබී තිබේ.
මේ අතර සබා හෙවත් ප්‍රසන්න රණවීර තංගල්ල බන්ධනාගාරයට වී නහයෙන් අඬන බවත් ආරංචිය. "මේවා මට විතරක් නෙවෙයි, අපි හැමෝටම හොඳ පාඩම්. ලොක්කෝ ලොක්කෝ හැමදාම ශේප් වෙයි, අපි වගේ සොක්කන්ට වෙන්නේ හැමදාම ඇතුළට යන්න" යනුවෙන් සබා පවසන්නේලු ය.
RN
COMMENTS