දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිනකට සංචාරකයන් 5000ක් ගෙන්වන්න සූදානම්..
Homeප්‍රවෘත්ති

දිනකට සංචාරකයන් 5000ක් ගෙන්වන්න සූදානම්..

PropellerAds

කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පණවා ඇති රටවල රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමත...

අර්බුධය විසඳන්න මහින්දට තිබෙන්නේ විනාඩි 5ක වැඩක්
"පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල්ටනම් අගමැතිකම දෙන්නේ නෑ" ජනපති කියයි
අතුරු තහනමට එකඟ නෑ - මහින්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පණවා ඇති රටවල රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. එම රටවල රාජ්‍ය නායකයින් හා සෞඛ්‍ය අංශ හා සංචාරක බළධාරින් දැනුවත් කිරීමට ඒ අනුව කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග පැවති සාතච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සාකච්ඡාව පැවැත්වුණේ සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනයේ ශ්‍රවණාගාරයේ දීයි.

මේ වන විට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පණවා ඇති අතර බ්‍රිතාන්‍ය පසුගිය දා ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවෙන් ඉවත් කළේය. පසුගිය කාලය තුළ මෙරට කොවිඩ් පැතිරයාම සැලකිල්ලට ගනිමින් මෙම රටවල් මෙම සීමා පණවා තිබේ. මෙම සාකච්ඡාවේ දී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ඒ ඒ කළාප භාර නිළධාරීන් ඇමතිවරයාට පෙන්වා දුන්නේ  එම රටවල් වල පවතින සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ දී බාධා ඇති බවයි. එමෙන්ම මෙරට ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මෙරටට සංචාරකයන් පැමිණීම සීමා වීමට හේතු වී ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය බළධාරීන් සමග සාකච්ඡා කර සංචාරකයින්ට  බලපාන සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇති බවයි. මෙරට කොවිඩ් එන්නත්කරණ  වැඩ සටහන ආරම්භ වීමට පෙර සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සැකසු ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාවරයා වෙත පෙන්වා දුන් බව ද ඇමතිවරයා මෙහි දී කියා සිටියේ ය. මේ වන විට මෙරට සමස්ථ ජනගහණයෙන් 50%කට අධික පිරිසක් කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබේ. ලෝකයේ බොහෝරටවල් මේ වන විට සංචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර කොවිඩ් වසංගතයෙන් ද ආරක්ෂා වෙමින් සංචාරක ව්‍යාපාරය ද පවත්වාගෙන යනු ලබයි. ඒ පිළිබදව ද අධ්‍යනය කර ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගනිමින් සංචාරක ව්‍යාපාරය ද පවත්වාගෙන යා හැකි වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය බළධාරීන් එකගත්වය පළ කළ බව ද ඇමතිවරයා කීවේය.

කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක ව්‍යාපාරය යළි දියුණු කිරීමේ දි සංචාරකයන්ගෙන් මෙරට ජනතාවටත්, මෙරට ජනතාවගෙන් සංචාරකයන්ටත් එය පැතිර යාම වැළැක්වීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඇමතිවරයා කීවේය. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයන් 40,000 කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බවත්, ඔවුන්ගෙන් කොවිඩ් අසාදිතයන් වාර්තාවුණේ 270 ක් පමණක් බවත් පෙන්වා දුන් ඇමතිවරයා යුරෝපා රටවල ඉදිරියේ දී එළඹෙන ශිත සෘතුවත් සමග මෙරටට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ඉදිරි මාස තුනක කාලය තුළ අවම වශයෙන් දෛනිකව සංචාරකයන් 1500ත් 2000ත් අතර සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවත්, ඉදිරි වසර වන විට දිනකට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව 5000 ක ඉලක්කය සපුරාගැනීමට අවශ්‍ය ලෙස සංචාරක ප්‍රවර්ධන කටයුතු සැලසුම් කරන ලෙසත් ඇමතිවරයා නිළධාරීන්ට මෙහි දී උපදෙස් දුන්නේය. ඒ සදහා නිර්මාණශීලි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ද පූර්ණ එන්නත්කරණය සාර්ථකව සිදු කළ රටක් ලෙස ශ්‍රී ලංකාව සංචාරකයන් අතර  ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට උපදෙස් දුන්නේය.

‘ ප්‍රවර්ධන කටයුතු මොනතරම් කළත් වැඩක් නෑ ප්‍රතිඵලයක් නැත්නම්. ඒ නිසා නිදහසට කරුණු අවශ්‍ය නෑ. ඉලක්ක සපුරා පෙන්වන්න.‘ ඇමතිවරයා නිළධාරීන්ට කීවේය.

– ප්‍රදීප් අනුර කුමාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිනකට සංචාරකයන් 5000ක් ගෙන්වන්න සූදානම්..
දිනකට සංචාරකයන් 5000ක් ගෙන්වන්න සූදානම්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_IFeRvcKRtqmkboOEnR_O0-2_Vhbu81q5XEUze8RApN7xOiSTmvrQfopNEgwOtMY4lLQ-W8lczBJ8rezMxeUW67XAU-UoAEqDIXBSXCF3ul0jqi8OJOIMjBZj3y7SeAENvKNIHUwt83Qk/s320/prasaa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_IFeRvcKRtqmkboOEnR_O0-2_Vhbu81q5XEUze8RApN7xOiSTmvrQfopNEgwOtMY4lLQ-W8lczBJ8rezMxeUW67XAU-UoAEqDIXBSXCF3ul0jqi8OJOIMjBZj3y7SeAENvKNIHUwt83Qk/s72-c/prasaa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/5000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/5000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy