දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෝමාලියාවේ ණය ගෙවන්න ශ්‍රී ලංකාව රුපියල් මිලියන 163ක් දෙන්න කැබිනට් අනුමැතිය
Homeප්‍රවෘත්ති

සෝමාලියාවේ ණය ගෙවන්න ශ්‍රී ලංකාව රුපියල් මිලියන 163ක් දෙන්න කැබිනට් අනුමැතිය

PropellerAds

ජා ත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහා සෝමාලියාව විසින් පියවිය යුතු හිඟ මුදල් නැවත පියවීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා සහය දැක්වීම සඳහා ශ්‍රී ලං...

ජ’පුර හෙද විදුහල අලුත් වැඩකට - සිසුන් ගැනීම නවතන ලෙස රාජිතගෙන් නියෝගයක් 
ලොතරැයි මණ්ඩල දෙකම පුද්ගලීකරණය කිරීමේ සැලසුමක් 
ගුවන් තොටුපොලේ විදේශ සේවා කවුළුව හෙට සිට වසා දමයි 
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහා සෝමාලියාව විසින් පියවිය යුතු හිඟ මුදල් නැවත පියවීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් රුපියල් මිලියන 163 ක මුදලක් ලබාදීමට එකඟවී ඇති බව වාර්තා වනවා. මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් යෝජනාවක් අනුව ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි අපහසුතා බෙදා ගැනීමේ ක්‍රමවේදය අනුව විවිධ හේතුන් මත සාමාජිකයින් විසින් ගාස්තු නොගෙවීම නිසා අරමුදලට අහිමිවන ආදායම ප්‍රතිපුරණය කිරිම සඳහා මෙම ක්‍රියාවලිය සකස් කොට ඇත.

ඒ අනුව අරමුදලෙහි විධායක සභාව විසින් 2019 දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද සෝමාලියාවේ හිඟ මුදල් පියවීමේ සහ ණය සහන පැකේජය සඳහා සාමාජික රටවල අභ්‍යන්තර සම්පත් සම්පුර්ණ වශයෙන් හෝ කොටසක දායකත්වයක් දක්වන මෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම සඳහා මහ බැංකුව සහ විදේශ සබදතා අමාත්‍යාංශය විසින් එකඟතාවය පළ කොට ඇත.

ඒ අනුව රුපියල් මිලියන 163 කට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ සමස්ත දායකත්වය ලෙස සෝමාලියාවේ පාලිත ගිණුම වෙත මාරු කිරිමට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම ඉකුත් ඉන්දීය සංචාරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා නරේන්ද්‍ර මෝදී අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටියේ ලංකාවට ලබාදී ඇති ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය වසර තුනකට නතර කරන ලෙසයි.

එම කැබිනට් තීරණ දැනුම් දීම පහතින්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) සාමාජික රටවල දායකත්වය සහිත අභ්‍යන්තර සම්පත් ප්‍රදානයක් ලෙස භාවිතා කරමින් සෝමාලියාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය දැක්වීම පිණිස පිහිටුවීමට අපේක්ෂිත හිඟ මුදල් පියවීමේ සහ ණය සහන පැකේජය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අපහසුතා බෙදා ගැනීමේ ක්‍රමවේදය (Burden Sharing Mechanism) එහි විධායක මණ්ඩලය මඟින් 1986 දී අනුමත කරන ලද ප්‍රතිපත්තියක් වන අතර, විවිධ හේතුන් මත සාමාජිකයින් විසින් ගාස්තු නොගෙවීම නිසා අරමුදලට අහිමි වන ආදායම ප්‍රතිපූරණය කිරීම පිණිස මෙම ක්‍රමවේදය සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, අරමුදලෙහි විධායක සභාව විසින් 2019 දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද සෝමාලියාවේ හිඟ මුදල් පියවීමේ සහ ණය සහන පැකේජය සඳහා සාමාජික රටවල අභ්‍යන්තර සම්පත් සම්පූර්ණ වශයෙන් හෝ කොටසක් දායක කරන මෙන් අරමුදල විසින් සාමාජික රටවලින් ඉල්ලීමක් කරනු ලැබ ඇත. ඒ සඳහා වන ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, රුපියල් මිලියන 163 කට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ සමස්ත දායකත්වය ලෙස සෝමාලියා පාලිත ගිණුම වෙත මාරු කිරීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෝමාලියාවේ ණය ගෙවන්න ශ්‍රී ලංකාව රුපියල් මිලියන 163ක් දෙන්න කැබිනට් අනුමැතිය
සෝමාලියාවේ ණය ගෙවන්න ශ්‍රී ලංකාව රුපියල් මිලියන 163ක් දෙන්න කැබිනට් අනුමැතිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFXxe3l7NnLM03bGTfIw5WOrkDci0hBqyic4s1qUtdVrEhWuD4yKhBdhHsz-hdPCvwiCg0L71FXP6pCDz8YOsN4NedPT53BytIdl0RI1LaUG2Mgg8_N_9xurHhowhl83csUHk4TcLSe7s_/s320/somalia.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFXxe3l7NnLM03bGTfIw5WOrkDci0hBqyic4s1qUtdVrEhWuD4yKhBdhHsz-hdPCvwiCg0L71FXP6pCDz8YOsN4NedPT53BytIdl0RI1LaUG2Mgg8_N_9xurHhowhl83csUHk4TcLSe7s_/s72-c/somalia.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/163.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/163.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy