යාපනයේදී අද දහවල් දරුවන් තිදෙනාට වස දී ඝාතනය කර තමන්ද වස පානය කර මිය ගිය කාන්තාව මිය යෑමට පෙර යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවසකර් ඉලන්චේ...
යාපනයේදී අද දහවල් දරුවන් තිදෙනාට වස දී ඝාතනය කර තමන්ද වස පානය කර මිය ගිය කාන්තාව මිය යෑමට පෙර යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවසකර් ඉලන්චේලියන් මහතාට ලියා තැබූ ලිපියක් හමු වී ඇත.
තම සැමියා රු. එක්කෝටි දාහත් ලක්ෂයක මුදල් වංචාවකට හසු වූ නිසා ඇති වූ හිත් වේදනාවෙන් මීට මාස දෙකකට පෙර සිය දිවි නසා ගත් බවත් මිය ගිය සැමියා පිළිබඳ දරුවන් අහන ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි නිසා දරුවන් සමග දිවි නසා ගන්නා බවත් මේ ලිපියේ සඳහන්ව ඇත.
දෙමළ භාෂාවෙන් ලියා ඇති ලියුමේ සිංහල අනුවාදනය මෙසේය.
"ගරු මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාණනි,
2017. 9. 3. මගේ සැමියා රු. කෝටියයි ලක්ෂ17 දී රැවටුණු හේතුවෙන් සිය දිවි නසා ගත්තේය. මගේ සැමියා නැති ජීවිතයෙන් මට පලක් නැත.
මගේ සැමියා අබ්බගාතයකු වී හෝ අපි සමග ජීවත් වුනානම් ඒත් මට සෑහෙන්න තිබුණා. නමුත් අපට ඒකට වාසනාවක් තිබුනේ නෑ.
දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා හිතුනත් ළමයි අහන ප්‍රශ්නවලට මට උත්තර නෑ. ළමයි අහනවා තාත්තා කවදා එයිද? තාත්තා පේන්න එන්නේ නැත්තෙ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තා ගේ කන්වල පුලුන් ගහලා තිබුණේ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තා ඇයි කලු පාට වුනේ? සුදු විදිහටම තාත්තාත ආයිත් එයිද? තාත්තා ආවම අපි පාර්ක් එකට යමුද?
මේ වගේ මගේ දරුවන් අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ. මම කොච්චර කාලෙකට දරුවන් රවට්ටන්නද?
අපේ මරනෙට හේතුව ශ්‍රී සංකර් නම් පුද්ගලයා, ඔහුගේ බිරිය සුගන්යා සහ සිරිදරන්. අපි අද මේ තත්ත්වයට වැටෙන්න මේ අය වග කියන්න ඕන."
ලෙස ලියා ඇත.
මීට අමතරව සිය අවසන් කටයුතු කළ යුතු ආකාරය කියා මිය ගිය කාන්තාව සිය මව් පියන්ට ලියූ ලියුමක්ද හමු වී ඇත. එම ලියුමේ සිංහල පරිවර්ථනය මෙසේය,
"ආදරණීය අම්මා, තාත්තා, අයියා අක්කා,
හැමෝම මට සමාවෙන්න. ඉපදුනු හැම කෙනාම මැරෙනවා. ඒක ගැන හිතලා ඔබ හැම දෙනාම හිත හදාගන්න.
අම්මයි තාත්තයි දරුවකු විදිහට මට හැම යුතුකමක්ම කළා. අපි ජීවත් වුනු කාලය අඩු වුණත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා.
මම ඔබ සැම සමඟ එක්ක ජීවත් වෙන්න තිබුණු කාලය සම්පූර්ණයි. අඩු පාඩු දාහක් වටේ තිබුණත් ඒවා එච්චර ලොකු දේවල් නෙවෙයි.
මගේ සැමියා මට දීපු ජීවිතෙත් සම්පූර්ණයි. නමුත් එක දුකක් තියෙනවා. අපිට පවුලක් විදිහට දිගුකලක් ජීවත් වෙන්න අශාවක් තිබුණා. අවසන් මොහොත දක්වා අපි ඒකට සටන් කළා. දැන් අපි යන්නම්.
මගේ අම්මාව රැක බලා ගන්න. මගේ සැමියාට මට වඩා අශාවක් තිබුණා මගේ මවුපියන් ළග තියාගෙන මැරනකන් සලකන්න. නමුත් දැන් අපි යන්නම්.
මීට ආදරණිය සුනේත්‍රා(පවා) සහ මිණිපිරි, මුණුබුරන්.
මගේ සහ මගේ දරුවනන්ගේ අවසන් කටයුතු මගේ ගෙදරින් කරන්න. කිසිම විදිහකින් ඒක මගේ සැමියාගේ පැත්තට දෙන්න එපා. ඒක තමයි මගේ අවසන් කැමැත්ත. අවශ්‍ය වුනොත් මේ ලියුම පොලිසියට පෙන්නලා බොහෝම චාම් විදිහට හේවිසි බෙර නැතිව අපේ අවසන් කටයුත් ඉක්මනින් ඉවර කරන්න.
මීට ආදණිය දුව සුනේත්‍රා"
COMMENTS