දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“විජයකලාගේ ප්‍රකාශය හිතේ අමාරුවට කළ එකක් නොවෙයි“ - මුසම්මිල්
Homeප්‍රවෘත්ති

“විජයකලාගේ ප්‍රකාශය හිතේ අමාරුවට කළ එකක් නොවෙයි“ - මුසම්මිල්

PropellerAds

බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමමින්, රණවිරු දඩයමට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින්, උතුරේ කොටි සැමරුම් පැවැත්වීමට ඉඩ දෙමින්, යුද හ...

අනුරපුර ජනපති මැදුරේ පාටියට කෑම බත්තරමුල්ල වෝටර්ස් එජ් එකෙන්
ඩොලර් නෑ.. රුපියලුත් නෑ.. තියෙනවා කියා පුරසාරම් එපා.. මේක කොරෝනා නිසා නොවේ..
සිංහ නාද පොර ටෝක් ඉවරයි... චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න රජය තීරණය කරයි..
“විජයකලාගේ ප්‍රකාශය හිතේ අමාරුවට කළ එකක් නොවෙයි“ - මුසම්මිල්

බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමමින්, රණවිරු දඩයමට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින්, උතුරේ කොටි සැමරුම් පැවැත්වීමට ඉඩ දෙමින්, යුද හමුදාව 25%කින් කප්පාදු කරමින්, ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් ‘කොටියට ඕනා නැගිටින යුගය’ නිර්මාණය කළ මේ ආණ්ඩුවේ, මන්ත්‍රීවරියක ‘එල්ටීටීඊය යළි ගොඩනඟන්න ඕනෙ’ යැයි කීම හිතේ අමාරුවට කළ ප්‍රකාශයක් ලෙස සැහැල්ලුවෙන් බැහැර කිරීමට ඉඩ නොදිය යුතු බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

ඊයේ (04) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් පසුගියදා සිදු කළ සාහසික ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට එම පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඊයේ පාර්ලිමේන්තුවේදී උත්සාහ කළා. ඔහු කීවේ ‘ඒ ප්‍රකාශය එයා හිතේ අමාරුවට කළ එකක්’ කියලයි. ‘ගොන්ජන්’ මහතා මාධ්‍ය සාකච්ඡාවක් තියලා රටට තමන්ගේ ගොන්කම පෙන්වමින් පවසා සිටියේ ‘ඒක විජයකලා මේ දවස්වල එයාගේ ආතතිය නිසා කළ ඒකක්’ කියලයි.

ශ්‍රී ලංකාව තුළ තහනම් කරන ලද, ඒ වගේම ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගතව ඇති එල්ටීටීඊ සංවිධානය ‘යළි ගොඩනැගිය යුතුයි. එයට උතුරේ බලය ලබාදිය යුතුයි’කියා පැවසීම ත්‍රස්තවාදයට අනුබල දීමක් - ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් නොවෙයි ද? එසේ කිරීම මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. එහි වගන්ති දෙකක් උල්ලංගණය කිරීමක්. ත්‍රස්තවාදයට අනුබල නොදෙන බවට ප්‍රතිඥා දී පාර්ලිමේන්තුවේ අසුන් ගත් විජයකලා අද එම ප්‍රතිඥාව කඩා තිබෙනවා. ඒ නිසා කථානායකවරයා වහාම ඇය පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. කථානායකවරයා සුපුරුදු පරිදි මේ සිදුවීමත් යටපත් කරන්න හදනවා. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 70ක් සිටින කණ්ඩායමට විපක්‍ෂ නායකකම සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා නොදී පිළිවෙලින් මන්ත්‍රීවරුන් 16ක් සහ 6ක් ඉන්නා කුඩා පක්‍ෂ දෙකකට ඒ ධුර ලබා දීමට තරම් මේ කථානායකවරයා ‘සාධාරණ’ වී තිබෙනවා. කථානායකවරයා සැමවිටම මෙවැනි ගැටළුවලට විසඳුම් නොදී මඟ හැර ගියා සේම මෙතැනදීත් මගහැර යාවි. නමුත් අපි ශ්‍රී ලාංකික ජන සමාජය ලෙස මේ ප්‍රකාශය පිළිබඳව ගැඹුරෙන් සොයා බැලිය යුතුයි. මේක අහඹු ප්‍රකාශයක් වීමට කිසිසේත්ම බැහැ.

මේ ආණ්ඩුව බලයට ගෙන ආවේ ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් හා දෙමළ ඩයස්පෝරාව විසිනුයි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව, බුරුමය ඇතුළු රටවල් තුනක පැවැති ආණ්ඩු ගෙදර යැවීමට ඩොලර් මිලියන 600ක් පමණ යොදවා ඇති බව දැන් ප්‍රසිද්ධ කාරණයක්. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙදර යැවීමට මේ අය වැය කර ඇති මුදල දළ වශයෙන් රුපියල් මිලියන 30,000ක් පමණ වෙනවා. ඒ වගේම දෙමළ ඩයස්පෝරාව ද ඒ සඳහා මුදල් යොදවා තිබෙනවා. ඒ විදිහට සල්ලි පොම්ප කරලයි මේ ‘රෙජීම් චේන්ජ්’ එක කළේ. එහෙම බලයට ආපු මේ ආණ්ඩුව ගෙවී ගිය වසර තුන පුරාම කළේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් හා දෙමළ ඩයස්පෝරාය සතුටු කිරීම. මේ දෙගොල්ලගේම සතුටට කාරණයක් වන්නේ මේ රට බෙදාවෙන් කිරීම. ඒක තමයි මේ යහපාලකයන්ට දී ඇති ලොකුම කොන්ත්‍රාත්තුව. ගෙවී ගිය වසර තුන තුළ ඒකට අවශ්‍ය පියවර තමයි මේ ආණ්ඩුව දිගින් දිගටම ගත්තේ.

ඒ අනුව බුද්ධි අංශ රණවිරුවන් හිරේ දැමීම, රණවිරු දඩයමට අවශ්‍ය පනත් සම්මතකර ගැනීම, හමුදාව 25%කින් කප්පාදු කිරීම, යුද උපායිකව වැදගත් හමුදා කඳවුර ඉවත් කිරීම ආදිය සිදු කරමින් ආපු මේ ආණ්ඩුව එතැනින් නතර වූයේ නැහැ. මියගිය කොටි ත්‍රස්තවාදීන් මේ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකට ‘අපේ දරුවෝ’ වුණා. දැන් විජයකලා මහේෂ්වරන් කියනවා ‘එල්.ටී.ටී.ඊය යළි ගොඩනඟන්න ඕනෙ. උතුරේ බලය ඔවුන්ට දෙන්න ඕනෙ.’ කියලා. දෙස් - විදෙස් බෙදුම්වාදීන්ගේ හයියෙන් බලයට ආපු මේ ආණ්ඩුව කොටියාට උවමනා වූ නැගිටින යුගය නිර්මාණය කර දී අවසන්. ඒ අනුව දැන් කොටි නිල ඇඳුම්, ආයුධ හමුවෙමින් තිබෙනවා. මෙවැනි ප්‍රකාශ ද ඇසෙමින් තිබෙනවා. මේ සියල්ල අන්තර් සම්බන්ධයක් සහිතව සිදුවන දේවල්. විජයකලාගේ ප්‍රකාශය හිතේ අමාරුවට, ආතතියට කළ එකක් බව කියන්නේ කොටියාට නැගිටීමට අතහිත දෙන ලාංකික ජනතාව හතුරු පිරිස් විතරයි. විජයකලා මහේෂ්වරන්ලාට අද උවමනා වී ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ලේ ගලා යන සමාජයක් යළි ඇති කිරීමටයි. මේ රටට ආදරය කරන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ලාංකේය ජනතාව මීට විරුද්ධව අත්වැල් බැඳගත යුතුයි. ඒ වගේම අපි ආණ්ඩුවට බලකර සිටිනවා, මේ පිළිබඳව වහාම පියවර ගෙන රට තුළ ත්‍රස්තවාදයට ප්‍රවර්ධනයට ඉඩ නොදෙන ලෙසට.“ යැයිද මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “විජයකලාගේ ප්‍රකාශය හිතේ අමාරුවට කළ එකක් නොවෙයි“ - මුසම්මිල්
“විජයකලාගේ ප්‍රකාශය හිතේ අමාරුවට කළ එකක් නොවෙයි“ - මුසම්මිල්
http://am.lk/media/k2/items/cache/f797fdec658da5ee9fbce82f006ca999_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy