සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වන් මහත්මිය අද තීරණය කර තිබේ. එල්.ටී.ටී.ඊ සංවිධා...
සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වන් මහත්මිය අද තීරණය කර තිබේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට දිනෙක කළ ප්‍රකාශයක් සමඟ ඇයට එල්ල වු දැඩි විරෝධතා හේතුවෙන් ඇය මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.
මෙම ප්‍රකාශය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විජයකලා මහේෂ්වරන් මහත්මිය අතර හමුවක්ද ඊයේ පැවැත්විණි.
විජයකලා මහත්මිය අමාත්‍යධුරයෙන් ඉවත්කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා මීට පෙර ජනපතිවරයාට දැනුම් දී තිබුණි.
අද දිනය තුළදී ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වෙයි.
COMMENTS