දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මල්වතු මහ නා හිමියන්ට මල් මිටක් !
Homeප්‍රවෘත්ති

මල්වතු මහ නා හිමියන්ට මල් මිටක් !

PropellerAds

  මහ නායක හිමිත් බෞද්ධ විරෝධීද ? රාජපක්ෂ පාලනය ජනතාව විසින් බිඳහෙළීමෙන් අනතුරුව දිනේශ් ගුණවර්ධන ඇතුළු නඩය දැන් දිවිපුදා හෝ ජාතියේ සහ ආග...

ජනපතිගේ තීන්දුව තුට්ටුවක ගණන් නොගනී! “රනිල්ගේ ආර්ථික කමිටුව අහෝසි කළේ නෑ“ - ඇමති මංගල කියයි
යෝෂිතගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් වෙයි
බැසිල් රනිල්ගේ පැත්ත ගනී - විශ්වාසභංගයට බැසිල්ගේ සහය නෑ
මල්වතු මහ නා හිමියන්ට මල් මිටක් !

 

මහ නායක හිමිත් බෞද්ධ විරෝධීද ?

රාජපක්ෂ පාලනය ජනතාව විසින් බිඳහෙළීමෙන් අනතුරුව දිනේශ් ගුණවර්ධන ඇතුළු නඩය දැන් දිවිපුදා හෝ ජාතියේ සහ ආගමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනා බවට වන නාඩගම අරඹා, නැති යකුන් මවා පෙන්වමින් දේශපාලන එදා වේල ගැටගසා ගැනීමට දඟලන මොහොතක මහ නායක හිමියන්ගෙන් ලැබුණු මේ පිළිතුර රටට ඉතාම වැදගත්ය. දිනේශ්ලා, වීරවංශලා, ගම්මන්පිලලා එදා පටන් ම කළේ තමන්ගේ පටු දේශපාලන අරමුණු වලට එරෙහිවන සියල්ලන්ට දේශද්‍රෝහී, බෞද්ධ විරෝධී, කොටි හිතවාදී, අධිරාජ්‍යගැති ලේබල් ඇලවීමය. දැන් දිනේශ්ලාට මල්වතු මහ නා හිමියන්ටත් බෞද්ධ විරෝධී ලේබලය ඇළවීමට ගොස් කෙළවා ගැනීමේ අවස්ථාව හිමිව තිබේ. 

බෙදී වෙන්වීමේ රැල්ල 

ලෝකය පුරා රටවල් බෙදී වෙන්වන දිශාවට වන රැල්ලක් මේ මොහොතේ ජාත්‍යන්තර දේශපාලනය තුළ දැකිය හැක. ඉරාක කුර්දිස්ථානය වෙනම රටක් ලෙස වෙන්වීම සඳහා පසුගිය සැප්තැම්බර් 25 වනදා පැවති ජනමත විචාරණයේදී සියයට 92ක් ඡන්ද වෙන්වීම වෙනුවෙන් ප්‍රකාශ වී තිබිණි. එසේම ඔක්තෝබර් 02 වනදා ස්පාඤ්ඤයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් විය යුතු බවට කැටලෝනියාවේ පැවති ජනමත විචාරණය ජයග්‍රහණය කළේ සියයට 90ක ප්‍රතිශතයකිනි. එසේම මෑත යුගයේ බෙදී වෙන්ව යෑමට පක්ෂ වූ ජාත්‍යන්තර උදාහරණ ලෙස නැගෙනහිර ටිමෝරය, දකුණු සුඩානය සහ කොසෝවෝ ද අපට දැක්විය හැක. මේ සියල්ල අබියස ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ද දිය යට ගිල් වූ රබර් බෝලයක් මෙන් පවතී. ගැටළුව නම් කොතෙක් කලක් මෙය මෙසේ යටපත් කරගෙන සිටිය හැකි ද යන්නය. 

යම් ජන කොටසක් බෙදී වෙන්වීමේ අයිතිය දිගින් දිගට ම ඉල්ලා සිටින්නේ තවත් ජන කොටසක් විසින් ඔවුන්ව පීඩාවට පත් කරමින් යටපත් කරගෙන සිටින මොහොතකය. විශේෂයෙන් රටක සුළු ජාතීන් මහ ජාතියේ පීඩනයට ලක්වන විට මෙසේ බෙදී වෙන්වීමේ ප්‍රවණතාවය එළි දැක්වේ. කෙසේ නමුත් බෙදී වෙන්වීම තුළින් ඔවුන් ප්‍රාර්ථනා කරන සුඛිත මුදිත වූ රාජ්‍යය ඔවුන්ට හිමිවන බවක් ද මෑත කාලීන උදාහරණ මඟින් පෙන්නුම් කෙරෙන්නේ නැත. බොහෝ විට බෙදී වෙන්වීමේ අවසන ද නැවතත් ඉතිරි වන්නේ ගැටුම් සහ තව තවත් ගැටුම් පමණි. 

එමෙන් ම දියුණු වන මිනිස් සමාජය ද ගෝලීයකරණ සංකල්පය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ රටවල් වඩ වඩාත් එකමුතු විය යුතු බවය. මන්දයත් දැනටමත් ලෝකය මුහුණ පා ඇති දේශගුණික විපර්යාස, ගෝලීය උෂ්නත්වය ඉහළයාම, බලශක්ති අර්බුදය වැනි ගැටළුවලට හුදෙකලා වී විසඳුම් සෙවිය නොහැකි බැවිනි. 

සැබෑ බෙදුම්වාදියෝ කවුද ?

එක් ජාතිවාදයක් හැම විටම රඳාපවතින්නේ ඊට ප්‍රතිවිරුද්ධ ජාතිවාදය මතය. ශ්‍රී ලංකාවේදී දෙමළ ජනතාවගේ අයිතීන් පිළිබඳව අමු අමුවේ නොසලකා හරිමින් දෙමළ ජනතාව යම් හෝ අයිතිවාසිකමක් ලැබෙනා අවස්ථාවක් වෙතොත් එය දේශද්‍රෝහී වීමක් ලෙස හුවා දක්වමින් සිංහල මහ ජාතිවාදයම වපුරන නඩය සේවය කරන්නේ දෙමළ ජාතිවාදයට ය. දෙමළ ජාතිවාදීන්ට පළු පැළෙන්නට බනිමින් වේදිකා ගාණේ ඩෙඟා නැටුවද දෙමළ ජාතිවාදයට අවශ්‍ය සටන් පාඨ සපයා දෙන්නේ ඔවුන්මය. තමන්ගේ අයිතිවාසිකම් සිංහල සමාජයෙන් නම් කිසිදිනෙක දිනාගත නොහැකි බවට දෙමළ සමාජයට ඒත්තු ගැන්වීමට දෙමළ ජාතිවාදීන්ට අවස්ථාව සපයා දෙන්නේ ඔවුන්ය. එහෙයින් දෙමළාට බෙදුම්වාදී චෝදනා නැඟුව ද නියම බෙදුම්වාදීන් වන්නේ ඔවුන්ය. දිනේශ් ගුණවර්ධනලා, උදය ගම්මන්පිලලා, විමල් වීරවංශලා බෙදුම්වාදීන් වන්නේ ඒ ආකාරයෙනි. ඔවුන් මේ මොහොතේ කරමින් සිටින්නේ 'ඒකීය' වචනය කරපින්නාගෙන බෙදුම්වාදී නැටුම නැටීමය. 

අසූ වියැති පරිණත දේශපාලනඥයකු වන විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ද පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ ජාතික ගැටළුව විසදීමට නම් අප විසින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් ඇති කර ගත යුතු බවය. දශක පහකට අධික ඔහුගේ දේශපාලන අත්දැකීම් ඔස්සේ ඔහු කරන එම ප්‍රකාශය රටෙහි සමස්ත දේශපාලන චලනයක් කෙරෙණ අක්ෂය බවට පත් කරගත යුතුව තිබේ. 

එහෙයින් එකම රටක් ලෙස ඉදිරියටත් පැවතීමට නම් මේ මොහොතේ දිනේශ්ලා වැනි අවස්ථාවාදී දේශපාලන නරුමයින්ට පිළිතුරු දීම අනිවාර්යය කරුණක් වේ. මල්වතු මහ නා හිමියන්ගේ පිළිතුර විශිෂ්ට එකක් වන්නේ එබැවිනි. 

භික්ෂු දේශපාලනයේ වාමවාදී යතිවරයා 

මහනුවර දළදා මාලිගය ඉදිරිපිට මාර්ගය වසා තැබීම සම්බන්ධයෙන් කතිකාවේදී මල්වතු මහනායක හිමියන්ව ලංකා නිව්ස් වෙබ් අපගේ ද තියුණු විවේචනයට ලක්විය. මාධ්‍ය කලාවෙහිදී අපගේ පරමාදර්ශයක් වන මාධ්‍යවේදී අජිත් සමරනායකයන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අප එදා කළ ප්‍රකාශය ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් නම් වැරදි බවත් අජිත් සමරනායකයන් යළිත් නිවැරදි බවත් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් මේ මොහොතේ ඔප්පු කර ඇති බව පිළිගැනීමට ද අප කැමතිය. 

සබැඳි පුවත් -

වරකා ගහට හෙණ ගහගෙන අස්ගිරියට පායපු සඳ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මල්වතු මහ නා හිමියන්ට මල් මිටක් !
මල්වතු මහ නා හිමියන්ට මල් මිටක් !
http://ift.tt/2y0PVJN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_817.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_817.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy