නීති විරෝධී ආකාරයට උපයාගත් මුදල් CSN රූපවාහිනි සමාගමේ ආයෝජනය කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ...
නීති විරෝධී ආකාරයට උපයාගත් මුදල් CSN රූපවාහිනි සමාගමේ ආයෝජනය කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නියම කළේය.
මෝසමක් ඉදිරිපත් කරමින් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මඟින් අධිකරණයට දන්වා සිටියේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානය විසින් පැවැත්වීමට නියමිත උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වන මෙන් තම සේවාදායකයා වෙත ආරාධනාවක් ලැබී ඇති බවයි.
එම උත්සවය ලබන 6 වනදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම හෙට (04) දින සිට ලබන 12 වනදා දක්වා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද යෝෂිත රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය විරෝධය පළ කර නොමැත.
ඒ අනුව යෝෂිත රාජපක්ෂ මහතාට හෙට දින සිට ලබන 12දා දක්වා විදේශ ගතවීමට අවසර ලබා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා මෙම නියෝගයේ පිටපතක් ආගමන සහ විගමන පාලකවරයා වෙත යොමු කරන මෙන් ද නියම කළේය.
යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බව ද නියෝගයේ සඳහන් වී තිබේ.
නීති විරෝධී ලෙස උපයාගත් මුදල් CSN රූපවාහිනී සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි කියන සිද්ධියකට අදාළව ඇප ලබාදීමේ දී සැකකාර යෝෂිත රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමටද කොළඹ මහාධිකරණය නියම කර තිබුණි.
COMMENTS