දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජින් වාස් අධිකරණයත් ගොනාට අන්දලා
Homeප්‍රවෘත්ති

සජින් වාස් අධිකරණයත් ගොනාට අන්දලා

PropellerAds

  පසුගිය සතියේ චීනයේ පැවති ජාත්‍යන්තර පොලිස් වාර්ශික සමුළුවට සහභාගී වීම සඳහා ගිය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමට ද සජින් වාස්ව කට...

අලුත්ම ඇපල් අයිෆෝන් සුපිරි මාදිලිය iPhone X.
බන්ධනාගාර රෝහලේ සැප ගැනිමට තහංචියක්!
බාරවූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් කර නෑ ….පරික්ෂණ වාර්තා තහවුරු කරයි..
සජින් වාස් අධිකරණයත් ගොනාට අන්දලා

 

පසුගිය සතියේ චීනයේ පැවති ජාත්‍යන්තර පොලිස් වාර්ශික සමුළුවට සහභාගී වීම සඳහා ගිය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමට ද සජින් වාස්ව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ව්‍යාපාරික පර්යන්තයේදී (Business class lounge) හමු වී ඇත. ඒ මොහොතේ පොලිස්පතිවරයා පවා පුදුමයට පත් ව ඇත්තේ මොහු මෙසේ තමන්ට අවශ්‍ය අවශ්‍ය පරිදි විදෙස් ගත වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙනි. සජින් වාස්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ ගුවන් ගමන් තහනමකට ලක් කිරීම අධිකරණ නියෝග මත සිදු කෙරිණි. 

අධිකරණයෙන් ඇප පිට නිදහස් වුණු සජින් වාස් කෙසේ නමුත් බොරුවක් පවසා ගුවන් ගමන් තහනම ද ඉවත් කරවාගෙන මෙසේ පවුල පිටින් ම ඩුබායි රාජ්‍යයේ පදිංචිව ඇත. පසුගිය සතියේ දිනෙක LOLC සමාගම විසින් සජින් වාස්ට එරෙහිව පවරා තිබුණු නඩුවක තීන්දුව අනුව පිස්කල්වරයා සමඟ පැමිණ සජින් වාස්ගේ නිවසේ තිබුණු බඩු බාහිරාදිය සියල්ල ම ද රැගෙන ගොස් තිබිණි. එහෙත් සජින් වාස්ට එම දේපළ අහිමි වීම සම්බන්ධව වගේ වගක් නොමැති බව ඔහු නිදැල්ලේ විදෙස් ගතවන ආකාරයෙන් පෙනී යයි. 

වත්මන් යහපාලන රජයේ ප්‍රබලතමයකුගේ සහයෝගය නොලැබේ නම් සජින් වාස්ට මෙතරම් සෙල්ලම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාට නිදහසේ ක්‍රියාත්මක වීමට අවකාශයක් ඇති නම් සජින් වාස්ට එරෙහි චෝදනා ගොනු කිරීමට ඔහුට ගතවනු ඇත්තේ පැය දෙකක කාලයක් පමණි. එහෙත් තුසිත් මුදලිගේට ක්‍රියාත්මක වන්නට නොදී ප්‍රබල බලපෑමක් මගින් ඔහුට අවහිර කිරීමට සජින් වාස් අදටත් සමත්ය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුට්ටුවකට මායිම් නොකරමින් ඊට ඉහළින් වැඩ කිරීමට සජින් වාස්ට යහපාලන රජයේම හයිය ලැබී තිබේ. 

වැට් බදු වංචාවේ මහ මොළකරු වන කුතුබ්දීන් ද දැනට වාසය කරන්නේ ඩුබායි රාජ්‍යයේය. සජින් වාස් ද ඔහු මෙන්ම අනාගතයේ ඩුබායි රාජ්‍යයේම නතර වනු ඇති අතර ලංකාවේ නීතිමය ක්‍රියාමාර්ග ගල් වූ තැන්වලම ඔහේ තිබෙනු ඇත. සොරකම පිටුදකින බවටත් සොරුන් අල්ලන බවටත් පොරොන්දු පිට පොරොන්දු දී පැමිණි යහපාලන රජය ද සජින් වාස් වැනි කම්බ හොරුන්ව ආරක්ෂා කරමින් ජනතාවට කොකා පෙන්වන බව මෙවැනි සිදුවීම් ඔස්සේ නැවත නැවතත් තහවුරු වෙමින් පවතී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජින් වාස් අධිකරණයත් ගොනාට අන්දලා
සජින් වාස් අධිකරණයත් ගොනාට අන්දලා
http://ift.tt/2g49j0C
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy