අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් කිසිදු කොටි සා...

අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් කිසිදු කොටි සාමාජිකයකු හට විෂ එන්නත් ශරීරගත කර නොමැති බව තහවුරු වූ බව උතුරු පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා අනාවරණය කර තිබේ.
උතුරු පළාත් සභා මන්ත්‍රී තවනාදන් මහතා කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් සත්‍යලිංගම් මහතා සදහන් කර ඇත්තේ 2009 වසරේ යුද්ධයෙන් පසුව ආරක්ෂක හමුදාව වෙත බාරවී පුනරුත්තාපනය ලැබූ කොටි සාමාජිකයින් හට හමුදාව විසින් විෂ එන්නත් ශරීරගත කර තිබෙන බවට චෝදනා එල්ල වු බවත් මේ සම්බන්ධයෙන් තම අමාත්‍යංශය යටතේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පත්කර උතුරු පළාතේ දිස්ත්‍රීක්ක පහේම පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් පරීක්ෂාවලට ලක් කිරීමට පියවර ගත් අතර ඒ අනුව හිටපු කොටි සාමාජික සාමාජිකාවන් 300 දෙනකු පරික්ෂණයට ලක්කර තිබේ.
මේ පරීක්ෂණ වලට අනුව පරීක්ෂාවන්ට ලක්වූ කිසිදු කොටි සාමාජිකයකුට විෂ එන්නත් ශරීරගත වීමක් සිදුව නැති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටි.
COMMENTS