ඉදිරි වසර කිහිපය තුළ කොළඹ නගරය වෙළඳ නගරයක් ලෙස සංවර්ධනය කරන බව අමාත්‍යවරයා පවසයි. වත්මන් රජය යටතේ ඉන්දියන් සාගරයේ ශක්තිමත්ම වාණිජ්‍ය නාවු...
ඉදිරි වසර කිහිපය තුළ කොළඹ නගරය වෙළඳ නගරයක් ලෙස සංවර්ධනය කරන බව අමාත්‍යවරයා පවසයි. වත්මන් රජය යටතේ ඉන්දියන් සාගරයේ ශක්තිමත්ම වාණිජ්‍ය නාවුක මධ්‍යස්ථානයක් බවට කොළඹ නගරය පත්වන බවත් ඒ අනුව කොළඹ නගරයේ විශාල වාණිජ්‍ය ව්‍යාපෘති දියත් කරන බවත් චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
අනාගත ලෝකය රටවල් කේන්ද්‍ර කරගැනීමට වඩා නගර කේන්ද්‍ර කරගනිමින් දියුණුවට පත්වන බවත් ඒ සඳහා කොළඹ නගරය සූදානම් කිරීම රජයේ අමුණු බවත් ඇමතිවරයා පවසයි. ඒ අනුව කොළඹ නගරයේ ආයෝජන කටයුතු කිහිප ගුණයකින් වර්ධනය වන අතර ඒ සඳහා අවශ්‍ය විදුලි ඉල්ලුම වෙනුවෙන් නව බලාගාර ස්ථාපිත කළයුතු බවයි රණවක මහතා පවසන්නේ.
කොළඹ වාණිජ්‍ය නගරයක් ලෙස සංවර්ධනයවීමත් සමග උතුරු කොළඹ, මැද කොළඹ වැනි ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවෙන බවත් එම ප්‍රදේශවල වතු ජනතාවට අභිමානයෙන් යුතුව ජීවත් වියහැකි වටපිටාවක් සකස් කරන බවත් ඇමතිවරයා පවසයි.
COMMENTS