මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය සඳහා වූ කප මාවනැල්ල, අලුත්නුවර සිට මහනුවර විෂ්ණු දේවාලය කරා වැඩම කරවීම අද (02) අල...
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය සඳහා වූ කප මාවනැල්ල, අලුත්නුවර සිට මහනුවර විෂ්ණු දේවාලය කරා වැඩම කරවීම අද (02) අලුයම සිදුවිය.
අලුත්නුවර ප්‍රදේශයෙන් අලුයම 05.00 පසුවී මිනිත්තු 09ට යෙදුණු සුබ මෙහොතින් කපා ගන්නා ලද කප ඇතු පිට පෙරහැරින් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය කරා වැඩම කරවීම සිදුවූයේ එහි බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඵල නොදරන ලද කොස් ගසක් පිරිසිදු කොට කිරි දියරින් නහවා කැපීම සිදුකරන ලද්දේ මානක්කුරාළ විසින් වන අතර අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය කරා වැඩම කරවූ කප අනතුරුව මහ පෙරහරින් මහනුවර විෂ්ණු දේවාලය කරා වැඩමවීම සිදුවිය.
මීට පෙර අවස්ථාවලදී කප රැගත් පෙරහැර විකල්ප ක්‍රමයන් ඔස්සේ මහනුවර කරා වැඩම කරවන නමුතු මෙවර කිලෝමීටර් 26ක දුරක් ගෙවා මහ පෙරහැරින් වැඩම කරවනු ලැබුවේ වසර 100කට පසුව බව මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව කප රැගත් පෙරහැර අලුත්නුවර, හිඟුල, ගනේතැන්න, පහළ කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය ඔස්සේ මහනුවරට ළඟාවී විෂ්ණු දේවාලයට වැඩම කරවීය.
ඡායාරූප පහතින්.
මහනුවර - කමල් සුරවීර
COMMENTS