ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කළ පාද යාත්‍රාව හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිම ආකාරයකින්වත් බලපෑමක් නොවු බවත් ඔවුන් රඟදැක්වු ජවනිකාව හේතු...
ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කළ පාද යාත්‍රාව හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිම ආකාරයකින්වත් බලපෑමක් නොවු බවත් ඔවුන් රඟදැක්වු ජවනිකාව හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ තරම රටම දැනගත් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ එම පාගමනින් ඒකාබද්ධ විපක්ෂයේ තරම රටම දැනගත් බවත් ඒ හේතුවෙන්මෙ ඔවුන් තවදුරටත් පහළට ඇදවැටුණු බවත් ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"ඒකාබද්ධ විපක්ෂය කියන මේ කුඩා කල්ලියේ තරම රටම දැක්කා. ලක්ෂ ගාණක් සෙනඟ කොළඹට ගේනවා කියලා පම්පෝරි ගැහුවා. විලි ලාලා විලි ලාලා අන්තිමට මී පැටියෙක් වැදුවා වගේ තමයි අපිනම් ඒ ක්‍රියාව දැක්කේ. ඔවුන් අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළා පිට්ටනියක් ලබාදෙන්න කියලා. අගමැතිතුමා ජනාධිපතිතුමා සමඟ ඒ ගැන සාකච්ඡා කරලා කැම්බල් පිටිය ඒ සඳහා ලබාදුන්නා. කොහොම නමුත් ලක්ෂ ගාණක් ගේනවා කියපු උදවිය කැම්බල් පිට්ටනිය පුරවාගන්න බැරිව අන්තිමට දෙතුන් දාහකින් පුරවන්න පුළුවන් ලිප්ටන් වටරවුමට සීමාවෙන හැටි රටම දැක්කා. ලක්ෂ ගාණක් පාරට බස්සනවා කියලා අන්තිමට කැම්බල් පිට්ටනිය පුරවාගන්න බැරි වුණ කුඩා කල්ලියක් තමයි මේ මහා පම්පෝරි ගහලා අන්තිමට මේ තත්ත්වයට ඇඳවැටුණේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට මේ කුඩා කල්ලියක් කරපු ජවනිකාව කිසි ලෙසකින්වත් දැනුණෙ නැහැ."යි කියාසිටියේය.
COMMENTS