පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානී අර්ජුන ඇලෝසියස් මහතා විසින් මිලදී ගෙන ඇමැති රවි කරුණානායක මහතාට ලබාදුන් බව කියන සුපිරි නිවසේ හිමි...
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානී අර්ජුන ඇලෝසියස් මහතා විසින් මිලදී ගෙන ඇමැති රවි කරුණානායක මහතාට ලබාදුන් බව කියන සුපිරි නිවසේ හිමිකාරිය වන අනිකා විඡේසූරිය මහත්මියට සහ ඇගේ පවුලේ ඥාතීන්ට මරණීය තර්ජන එල්ල කළ බව කියන ප්‍රකට ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපාරිකයා ඇමැති රවි කරුණානායකගේ සමීපතම ඥතියකු බවත් ඔහු අනිකා විඡේසූරිය මහත්මියට සහ ඇගේ සොහොයුරු විජිත විඡේසූරිය මහතාට ඔවුන්ගේ පවුලේ ඥතීන්ගේ ජීවිත හානි කරන බවට දුරකථන ඔස්‌සේ තර්ජනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අනිකා විඡේසූරිය මහත්මියට සහ ඇගේ පවුලේ ඥතීන්ට මරණීය තර්ජන එල්ල කිරීම පිළිබඳව බැඳුම්කර කොමිසම මගින් පොලිස්‌පතිවරයා දැනුම් දුන් අතර මේ වන විට ඔවුන්ට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කර ඇත.
මේ වන විට අනිකා විඡේසූරිය මහත්මිය විදෙස්‌ගතව සිටින අතර ඇගේ සොහොයුරාට සහ පවුලේ සාමාජිකයන් වෙත මෙම පොලිස් ආරක්‍ෂාව ලබා දී තිබෙන බව පොලිස් මූලස්‌ථානය පවසයි. මෙම මරණීය තර්ජන එල්ල කිරීම පිළිබඳව විශේෂ පොලිස් කණ්‌ඩායමක් විමර්ශන ආරම්භ කර තිබෙන අතර ඉදිරි දිනවලදී චෝදනා එල්ල වී තිබෙන ව්‍යාපාරිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
-හේමන්ත රන්දුණු
COMMENTS