දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහජනතාව පිඩාවට පත් කරන සහල් මාෆියාව බිඳ දැමිය යුතුයි - නිරෝෂන් පෙරේරා
Homeප්‍රවෘත්ති

මහජනතාව පිඩාවට පත් කරන සහල් මාෆියාව බිඳ දැමිය යුතුයි - නිරෝෂන් පෙරේරා

PropellerAds

රාජ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ තත්ත්වයන් පිලිබඳ ප්‍රකාශ කරමින් සඳහන් කලේ සහල් කළු කඩ මාෆියාව වර්තමානය වන විට ඉතා සක්‍රිය ලෙස ක්‍...

PCR ප්‍රතිඵල එන්න කලින් මළසිරුර මල් ශාලාවට යවලා ! ආසාදිත මළසිරුර නැවතත් රෝහලට !
එන්නත්කරණයට සූදානම් නොවී පැණි සහ කළගෙඩි පස්සේ දිවීමේ ප්‍රතිඵල තමයි මේ ලැබෙන්නේ - මරික්කාර්
ආර්ථිකය හදාගන්න පුලුවන් ඒත් අහිමි වන ජීවිත ආයෙ ගන්න බෑ - රනිල්
මහජනතාව පිඩාවට පත් කරන සහල් මාෆියාව බිඳ දැමිය යුතුයි - නිරෝෂන් පෙරේරා
රාජ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ තත්ත්වයන් පිලිබඳ ප්‍රකාශ කරමින් සඳහන් කලේ සහල් කළු කඩ මාෆියාව වර්තමානය වන විට ඉතා සක්‍රිය ලෙස ක්‍රියාත්මකව පවතින බවයි. 1977 විවෘත ආර්ථිකය හදුන්වා දෙනු ලැබුයේ තරග කාරිත්වය තුලින් මහජනතාවට වඩාත් සාධාරණ වෙළඳ පොලක් නිර්මාණය කිරීම සඳහා මෙන්ම ව්‍යපරිකයන්ට සිය දක්‍ෂතා ඔස්සේ ශක්තිමත් ලෙස ගොඩ නැගීම සඳහායි. එහෙත් කාලය ගත වද්දී මෙම වෙළඳපොළ ක්‍රමවේදය කුඨ ව්‍යාපාරිකයන්, දුෂිත දේශපාලනඥයින්ගේ සහ දුෂිත නිලධාරීන් යන පාර්ශව ත්‍රිත්වයේ දැඩි ග්‍රහණයට නතු විය.
 
ඒ අනුව විවෘත ආර්ථික ක්‍රමයේ මුලික හරය විනාශ වූ අතර වෙළඳපොල ඒකාධිපතිවාදය ඒ වෙනුවට ආදේශ විය. එහි ප්‍රතිපලය වන්නේ කළු කඩ වෙළඳාම තුල වර්තමානයේ පවතින විකෘති වෙළඳපොල තත්වයන් බිහි වීමයි.
 
සහල් වෙළඳ පොළ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඉතා පැහැදිලි ලෙසම පාරිභෝගික ජනතාව සූරාකන කුඨ වෙළඳ ඒකාධිපතිවාදයක් පෙන්නුම් කරමින් තිබේ. ගොවියාගෙන් වී කිලෝවක් මිලදී ගන්නා මුදල සහ පාරිභෝගිකයන්ට සහල් කිලෝවක් අලෙවි කරන මිල නිරීක්ෂණය කිරිමේදී එම ක්‍රියාවලිය අතරතුර  කිසියම් පාර්ශවයක් විසින් අත් කරගනු ලබන අප්‍රමාණික ලාභය ප්‍රත්‍යක්ෂ වේ. මෙම මාෆියාව එපමණකින් නොනැවතී සහල් ආනයනය කිරීමේදී සිදුවන අක්‍රමිකතා දක්වා පුළුල් පරාසයක විහිද යන බව පැහැදිලිවේ. දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කල යුතු බවට අප කොතෙක් කතා කලද නිසි නියාමනයක් සිදු නොවන්නේ නම් සිදු වන්නේ දේශීය ව්‍යාපාර මුවාවෙන් කෝටිපති ව්‍යාපාරිකයන් අතලොස්සක් රටතුල බිහිවීම පමණකි. එම ව්‍යාපාරිකයන් භාණ්ඩ අලෙවියේ සිට මුල්‍ය ක්ෂේත්‍රය දක්වා සිය අනසක පතුරවමින් වෙළඳපොල හසුරවන බව පැහැදිලිව පෙනීයයි. වෙළඳපොළ තුල තමන්ට හිතෛෂී ව්‍යාපාරිකයන්ට පමණක් අවස්ථාව ලබාදීම තුලින් ඒකාධිකාරී ව්‍යාපාරික පැලැන්තියක් බිහිකරනු ලැබුයේ පසුගිය රාජපක්‍ෂ පාලන සමය විසිනි. ඒ තුලින් සමස්ත ව්‍යාපාරික පැලැන්තිය ශක්තිමත් වීම වෙනුවට අතලොස්සක් වන කළුකඩකාරයින් පොහොසත් කිරීම සිදු වූ බව යථාර්තයයි.  
 
පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම සඳහා භාණ්ඩ වල බදු අඩු කර පාලන මිල පවා ඇති කිරීමට රජය පියවර ගෙන තිබේ. එහෙත් ඉහතින් සඳහන් කල ව්‍යාපාරිකයන් අතලොස්ස විසින් සමස්ත ක්‍රියාවලිය හසුරවන්නේ නම් බදු අඩු කිරීමේ හෝ උපරිම මිල තීරණය කිරීමේ වාසිය මහජනතාවට නොලැබී යාම වැලක් විය නොහැක. එහෙත් ඒ තුලින් ඇතිවන ජනතා අප්‍රසාදයට ආණ්ඩුවට පිළිතුරු බැඳීමට සිදුවේ.
 
පවතින තත්වයන් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ දියුණු ආර්ථිකයක් සහිත රටවල මෙන්ම මෙරට ද මෙම තත්වයන් නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් අවශ්‍ය වන බවයි. එසේ නොමැති වූවහොත් ව්‍යාපාරිකයන් සුළු පිරිසක් ආර්ථිකය හසුරවමින් මංකොල්ල කෑමේ ක්‍රියාවලිය නතර කිරීමට නොහැකි වේ. කණගාටුවට කරුණ වන්නේ  ඔවුන් සැබවින්ම මංකොල්ල කන්නේ මහජන මුදල් වීමයි.
 
දුෂිත දේශපාලනඥයන් සහ නිලධාරීන් කුඨ ව්‍යාපාරිකයන් සමඟ මෙම ක්‍රියාවලියේදී එක්ව කටයුතු කරන බව රහසක් නොවේ. නෙලන අස්වනු ගබඩා කිරීම සඳහා  ප්‍රමාණවත් ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලයට නොමැති අතර  රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව හෝ ප්‍රමාණවත් ගබඩා පහසුකම් ඇතිකිරීමට මෙතෙක් අපොහොසත් වී ඇත. එමෙන්ම රේගුව වැනි වගකිවයුතු ආයතනවල අකාර්යක්‍ෂමතාව සහ අඩු පාඩු හේතුවෙන් එය ප්‍රයෝජනයට ගෙන සහල් ආනයනය කරන ක්‍රියාවලියේ දීද කුඨ ව්‍යාපාරිකයන් සහල් මාෆියාව බාධාවකින් තොරව සිදුකරමින් සිටියි. මහාපරිමාණ ව්‍යාපාරික ප්‍රජාව එම අංශ වල අනුග්‍රහය ලබන අතර කුඩා ව්‍යාපාරිකයන් නිරන්තරයෙන් කුඩම්මාගේ සැලකිල්ලට බඳුන් වේ. කාලගුණික සහ දේශගුණික විපර්යාස ශ්‍රී ලංකාවට පමණක් සිමා වුවක් නොවේ. අවශ්‍ය වන්නේ නියගය, ගංවතුර හෝ වෙනත් ඕනෑම ආපදාවකදී ප්‍රයෝජනයට ගත හැකි වන ලෙස නිසි ගබඩා ක්‍රමවේදයක් පවත්වා ගැනීමයි. ගබඩා පහසුකම් සැපයීම රාජ්‍ය අංශයට පමණක් සිදු කල නොහැකි අතර හිතුමනාපයට පුද්ගලික අංශයට ලබා දීමද ප්‍රයෝගික නොවේ. ඊට හේතුව වන්නේ පෞද්ගලික අංශයේ ගබඩා පහසුකම් මෙහෙය වන්නේ ද ඉහත සන්ධාන කල කුඨ කළුකඩ ව්‍යාපාරිකයන් විසින් වීමය. එසේනම් කල යුතු වන්නේ ගොවිජනතාව සමඟ මනා සබඳතාවයකින් යුතුව රට පුරා විහිදුනු ගබඩා ජාලයක් ක්‍රියාත්මක කිරීමයි.
 
කෘෂිකර්මය නවීකරණය කරන බවට අප විසින් ප්‍රකාශයට පත් කර ඇත. එසේනම්  උසස් බිජ වර්ග, ඉඩම් පලදායි ලෙස වගාවන්ට යොදා ගැනීම, නවීන තාක්‍ෂණය සහ දැනුම යොදා ගැනීම යන කරුණු පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනයකින් පසු ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවේ නම් දේශීය කෘෂිකර්මාන්තය දේශපාලන සටන් පාඨයක් බවට පත් නොවිය යුතු ය. ඉතිහාසයේ එක්සත් ජාතික පක්‍ෂ රජයන් විසින් මහවැලි ව්‍යාපාරය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් හි අරමුණ වුයේ මහජනතාව ස්වයංපෝෂිත කිරීම මිස කළුකඩ කාරයන් පොහොසත් කිරීම නොවන බව අවධාරණය කල යුතුය. වර්තමානයේ පවතින කෘෂිකර්මාන්තය සහ සම්බන්ධ සියලු අමාත්‍යංශ, ආයතන සහ ව්‍යාපෘති මෙහෙය වන්නන්ගේ වගකීම වියයුත්තේ එම සංකල්පයන් ඉදිරියට ගෙන යාමය.
 
සහල් වෙළඳපොල මෙන්ම සමස්ත ආර්ථිකය කළු කඩ වෙළඳුන්ගෙන් බේරා ගැනීමට නම් එම ඒකාධිකාරය බිඳ දැමීමට වහා ක්‍රියාත්මක විය යුතුය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහජනතාව පිඩාවට පත් කරන සහල් මාෆියාව බිඳ දැමිය යුතුයි - නිරෝෂන් පෙරේරා
මහජනතාව පිඩාවට පත් කරන සහල් මාෆියාව බිඳ දැමිය යුතුයි - නිරෝෂන් පෙරේරා
http://ift.tt/2ySS3Gj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_255.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_255.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy