මියගිය පුද්ලයෙකුගේ මළසිරුරක් PCR පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට කලින් රෝහලින් මුදාහැරීමේ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වේ. PCR පරීක්ෂණයේ ප්‍රත...
මියගිය පුද්ලයෙකුගේ මළසිරුරක් PCR පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට කලින් රෝහලින් මුදාහැරීමේ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වේ. PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන විට එම මළසිරුර මල් ශාලාවක් වෙත රැගෙන ගොස් තිබී ඇති අතර ඉන් අනතුරුව නැවතත් එම මළසිරුර පානදුර මූලික රෝහල වෙත රැගෙන විත් තිබෙනවා.
පානදුර වත්තල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය 12 වැනිදා රාත්‍රී මියගොස් තිබෙනවා. මරණයට පත්වීමට පෙර ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණේද යන්න තහවුරු කර ගැනීම සඳහා පානදුර මූලික රෝහලේදී PCR පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
කෙසේ නමුත් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට පෙර එම මළසිරුර අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඥාතීන් වෙත මුදාහැර තිබෙනවා. පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් ලැබුණු නිර්දේශයක් මත මළසිරුර නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
මළසිරුර එම්බාම් කටයුතු කිරීම සඳහා මල් ශාලාවක් වෙත රැගෙන ගොස් තිබියදී තහවුරු වී ඇත්තේ එම පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණු බවයි. පානදුර මූලික රෝහලේ කාර්යමණ්ඩලය වහාම මල් ශාලාවට ගොස් අදාල මළසිරුර නැවතත් රෝහල වෙත ගෙනැවිත් තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ නිසා අදාල මල් ශාලාවේ සේවකයන් සහ මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් සඳහා දින 14 ක නිරෝධායන කාලසීමාවක් නියම කර තිබෙනවා.
බළධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදු වූ මෙවැනි සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේදී වාර්තා වූ අතර එහි ආසන්නතම සිදුවීම රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා විය.
COMMENTS