ඉදිරි සති කිහිපය තුළ මෙරට කොවිඩ් වසංගත තත්වය ඉතා සීග්‍රයෙන් වර්ධනය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය අනතුරු අඟවා ඇති බව එක්සත් ජාත...
ඉදිරි සති කිහිපය තුළ මෙරට කොවිඩ් වසංගත තත්වය ඉතා සීග්‍රයෙන් වර්ධනය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය අනතුරු අඟවා ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එවැනි අවාසනාවන්ත තත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගතයුතු බවද එජාප නායකයා පවසනවා.
ආර්ථිකයට වන හානිය පිළිබඳව කල්පනා නොකර රටම වසා දමා වසංගත තත්වයට මුහුණදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි වික්‍රමසිංහ මහතා පවසන්නේ. කඩාවැටෙන ආර්ථිකය යළි ගොඩනැගීමට අවස්ථාව තිබෙන නමුත්, අහිමි වන ජීවිත යළි ලබාගත නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතු බව පෙන්වා දෙන එජාප නායකයා පවසන්නේ ආර්ථිකයට වන බලපෑම අවම කර ගැනීම සඳහා රටේ ජනතාවගේ ජීවිත බිල්ලට නොදිය යුතු බවයි.
COMMENTS