දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාතික සිසුන්ට අලුත් නීතියක්.
Homeප්‍රවෘත්ති

ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාතික සිසුන්ට අලුත් නීතියක්.

PropellerAds

2018 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වෙත පැමිණෙන අන්තර්ජාතික සිසුන් හට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බලන නවතම ප්‍රමිතීන් හඳුන්වා...

හක්කපටස් කෑ හම්බන්තොට තවත් අලි පැටවෙකුට අසාධ්‍යයි
මන්නාරමේ යක්ශයාගේ ගස Biobab tree
2017 අන්තර්ජාතික ඩ්‍රෝන ඡායාරූප තරග ප්‍රතිඵල - 2017 International Drone Photography Contest

2018 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වෙත පැමිණෙන අන්තර්ජාතික සිසුන් හට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බලන නවතම ප්‍රමිතීන් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව අද අනාවරණය විය.

ටස්මේනියාවේ හෝබාට් නුවර දී පැවැත්වුණු අධ්‍යාපනික සමුළුවකදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham මේ බව පැවසීය.

එම ප්‍රමිතීන් ඔස්ට්‍රේලියාවේ උපාධි පාඨමාලාවලට පමණක් නොව වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පාඨමාලාවලට ද හඳුන්වා දෙන බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ යම් කිසි උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට ප්‍රථමව යම් ජාත්‍යන්තර සිසුවෙකු හට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය අඩු නම් ඔහු හෝ ඇයට ඉංග්‍රීසි භාෂාව කඩිනමින් හැදෑරීමේ පාඨමාලාවක් හෙවත් ELICOS එකක් හැදෑරීමට සිදු වේ.

නමුත් වර්තමානයේ ඕනෑම අන්තර්ජාතික සිසුවෙකුටම සාක්ෂි රහිතව අදාළ ඉංග්‍රීසි පාඨමාලාව සමත්වී විශ්ව විද්‍යාලය සඳහා සුදුසුකම් ලැබීමේ හැකියාව පවතී.

මේ අනුව ඇතැම් ජාත්‍යන්තර සිසුන් එහි ඇති දුර්වල ස්ථානවලින් රිංගා යන බවට තොරතුරු ලැබී ඇති බවත් එනිසාම මෙම පවතින ක්‍රමයෙහි වෙනසක් කිරීමට තීරණය කළ බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසීය.

පසුගිය වසරේ එවැනි ELICOS සඳහා සහභාගී වූ ජාත්‍යන්තර සිසුන් 150,000 න් කොපමණ සංඛ්‍යාවක් එම පාඨ මාලාව ඇත්තෙන්ම සමත්වුවාද යන්න ඔස්ට්‍රේලියානු රජය නොදන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වල හෝ TAFE විද්‍යාල වල හෝ අනෙකුත් අධ්‍යාපනික ආයතන වල හෝ ඉගෙනුම ලබන ඔස්ට්‍රේලියානු සිසුන් හෝ ජාත්‍යන්තර සිසුන් හෝ කවුරුන් හෝ ඉගෙනගත යුත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා එය මැනවින් දැන සිටීම අතිශය වැදගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම නව මිනුම් දඬු විශ්ව විද්‍යාල පාඨ මාලාවල සිට ප්‍රථම වතාවට වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පාඨ මාලාවන්ටද ව්‍යාප්ත කිරීමට රජය අදහස් කර තිබේ.

ඒ අනුව සියලු ELICOS හි පහත සඳහන් දෑ අනිවාර්යෙන් අඩංගු වෙයි.

ගුරුවරයා සහ සිසුවා අතර මුහුණට මුහුණ කෙරෙන ඉගැන්වීම් අවම වශයෙන් පැය 20 ක් හෝ පැවැත්වීම.

එක් පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 18 ක් වීම.

පාඨ මාලාව අවසානයේ දෙනු ලබන අනිවාර්ය පරීක්ෂණය සමත් විය යුතු වීම.

මෙම නව වෙනස්කම් හේතුවෙන් ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තව තවත් ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසීය.

- SBS පුවත් ඇසුරෙනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාතික සිසුන්ට අලුත් නීතියක්.
ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාතික සිසුන්ට අලුත් නීතියක්.
http://ift.tt/2ygkHkg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_196.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_196.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy