දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හක්කපටස් කෑ හම්බන්තොට තවත් අලි පැටවෙකුට අසාධ්‍යයි
Homeප්‍රවෘත්ති

හක්කපටස් කෑ හම්බන්තොට තවත් අලි පැටවෙකුට අසාධ්‍යයි

PropellerAds

  අලි පැටවෙකු තුවාල ලබා සිටින බවට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අද (12) උදෑසන එම ප්‍රද්ශයේ වනජීවී නිලධාරින්...

නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රීලනිප සංවිධායකගෙන් නාම යෝජනා ගැන චෝදනාවක් (VIDEO)
කේපාපිලව් ගම්මානයෙන් යුද හමුදාව ඉවත් වෙයි
මැලේසියා අගමැති ජනපති හමුවෙයි - ගිවිසුම් 3කට අත්සන් තබයි
හක්කපටස් කෑ හම්බන්තොට තවත් අලි පැටවෙකුට අසාධ්‍යයි

 

අලි පැටවෙකු තුවාල ලබා සිටින බවට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අද (12) උදෑසන එම ප්‍රද්ශයේ වනජීවී නිලධාරින් සිදුකල මුර සංචාරයේදී මෙම අලි පැටවා හමුවූ බවයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ ,ඒ ,පි විජය කුමාර මහතා ප්‍රකාශ කර සිටියේ .

මේ වසර තුල හක්ක පටස් කෑමෙන් හම්බන්තොටදී අලි පැටවුන් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබා දීමට උඩවලව ඇත් අතුරු සෙවනට බාර දුන් බවද විජය කුමාර මහතා කියා සිටියේය .

වනජීවී නිලධාරින් අලි පැටවා නිරීක්ෂණයෙන් පසු ඒ සමබන්ධයෙන් උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා ඇතුළු වයිධ්‍ය වරුන් කණ්ඩායමක් හා එහි වන ජීවී නිලධාරින් පිරිසක් එම ස්ථානයට පැමිණියහ .

කෙසේනමුත් ඒ වනවිට අලි පැටවා සිටි ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ඇවිද ගෙන ගොස් සිටි අතර එහිදී අලි පැටවා නිර්වින්ධනය කොට අල්ලාගැනීමට වනජීවී නිලධාරින් හා පශු වෛද්‍ය වරුන් කටයුතු යොදන ලදී.

එම ස්ථානයේදීම අලි පැටවාට අවශ්‍ය මුලික ප්‍රතිකාර ලබාදුන් අතර නමුත් අලිපටවාගේ තත්වය අසාධ්‍ය බවයි වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ සංගමයේ සබාපති පශු වෛද්‍ය විජිත පෙරේරා කියා සිටියේ.

කෙසේනමුත් අලි පැටවා හට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සදහා පසුව අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන යන ලදී.

මේ වනවිට ලංකාවේ අලින්හට තුබෙන එක ගැටළුවක් තමයි අලිමිනිස් ගැටුම ඉන් ප්‍රතිපලක් මේ අකාරයෙන් අලින් අනතුරේ වැටීම බවයි වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ සංගමයේ සබාපති පශු වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙන්නේ.

'මිනිස්සු මේවා පාවිච්චි කරන්නේ දඩයම් කිරීමට නමුත් අද වන විට මිනිස්සු දඩයමෙන් ඔබ්බට ගිහින් අලි කරදරයෙන් මිදීමටද මේවා බාවවිතා කරනවාද යන්න සැක සිතෙන තරමට මෑතකාලීනව හක්ක පටස් නිසා අලින් අනතුරට පත් වීම පෙන්වා දිය හැකිබවද පශු වෛද්‍ය විජිත පෙරේරා පවසා සිටි ''

අලින්ගේ මරණ වලින් කේද වාචකම මරණ වන්නේ මේ හක්ක පටස් වලට ගොදුරු වී මිය යන අලි පැටවූ .මේකෙදි සතුන් ගොඩක් දුක් විදලා තමයි මැරෙන්නේ බවයි හෙතෙම කියා සිටියේ .

මේ වසර තුල පමණක් උඩවලව ඇත් අතුරු සෙවනට පමනක් හක්ක පටස් කාපු අලිපටවුන් හතර දෙනෙකු ගෙනාව නමුත් ඒ ය ජිවත් කරන්න වෙන්නේ ටික දවසයි. මේ වනකොට හක්ක පටස් කාල බෙර ගත්තු අලි පැටවුන් ඉන්නේ දෙදෙනෙක් පමණයි, එකෙක් උඩවලවේ ඇත් අතරු සෙවනේ ඉන්නවා. අනෙක් පැටියා ගිරිතලේ ඉන්නවා.

මිනිසුන්න්ගේ මානසික ගුණාංගයක් විදියට මෙය මුලින්ම නතර කල යුතු බවත් ඒ සමගම නිතිය විදයට ඉස්ස්සරහට ගෙනවිත් මෙය නතර කල යුතු බවයි වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ සංගමයේ සබාපති පශු වෛද්‍ය විජිත පෙරේරා පවසා සිටින්නේ.

හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හක්කපටස් කෑ හම්බන්තොට තවත් අලි පැටවෙකුට අසාධ්‍යයි
හක්කපටස් කෑ හම්බන්තොට තවත් අලි පැටවෙකුට අසාධ්‍යයි
http://ift.tt/2fk4LCU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_804.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_804.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy