ආණ්ඩුව බලයට පත්වන විට ලබා දුන් පොරොන්දු ඉටු කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති අවස්ථාවක ඉදිරි මැතිවරණ හමුවේ විශ්වාස කළ යුත්තේ කුමන පක්ෂය ...
ආණ්ඩුව බලයට පත්වන විට ලබා දුන් පොරොන්දු ඉටු කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති අවස්ථාවක ඉදිරි මැතිවරණ හමුවේ විශ්වාස කළ යුත්තේ කුමන පක්ෂය ද යන්න ජනතාවට දැඩි ගැටලු සහගත විය හැකි යැයි ඒ මහතා කීවේය.
සයිටම් පුද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධ ගැටලුව, වෘත්තීය සංගම් ඉල්ලීම් ආදිය ඉතා පහසුවෙන් විසදිය හැකි කරුණු වන නමුත් එය රට තුළ මහා ආන්දෝලනයක් වූ අවස්ථාවේදී ආණ්ඩුව යම් විසදුමක් ලබා දෙන බවත් ඒ වන විට අදාල පාර්ශව ආණ්ඩුව කෙරෙහි මහත් කළකිරීමට පත්වන බව කී තිස්ස අත්තනායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු රැසක් ඉටු කර නැහැ. නමුත් ඒවා ඉටු කළ හැකියි. මැතිවරණ පොරොන්දුවේදී ලබා දුන් නව ව්‍යවස්ථාව හා ජනාධිපතිවරයාගේ විධායක බලතල සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය ගැටලු සහගතයි. මේ නිසා ජනතාවට ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නැහැ.
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ දිනපතා කරන පරීක්ෂණවලින් හෙළිවන්නේ ඉතා විශාල වංචාවක් සිදුව ඇති බවයි.
මම තවමත් එක්සත් ජාතික පක්ෂයේ හොද පාක්ෂිකයෙක්. ආණ්ඩුවේ ක්‍රියාවන් නිසා දැඩි කළ කිරීමට පත්ව සිටින්නේ වෙන කවුරුත් නොව එක්සත් ජාතික පාක්ෂිකයන්. මේ නිසා තවත් කල් නොදමා ජනතාවට සේවය කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි.
මැතිවරණයේදී ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම විශේෂයි. එතුමාට දේශපාලනයකින් තොරව ඡන්ද ලබා දුන්නා. නමුත් එක්සත් ජාතික පක්ෂයට එවිට බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ යැයි මහ ලේකම්වරයා නායක හිමියන් හමුවේ කීහ.
ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නායක හිමියන් අදහස් දක්වමින්, මේ හොරුන්ට වඩා හිටපු හොරුන් හොද යැයි සිතෙනවා. මේ වන විට රටට උදාවී තිබෙන්නේ මහත් අභාග්‍යයක්. මහ බැංකුවේ බරපතල වංචා සිදුව තිබෙනවා. පනත් සම්මත කිරීම ද ගැටලු සහිතයි. රටට අහිතකර පනතක් සම්මත කර ගැනිමේදී පාර්ලිමේන්තුව තුළ යම් කලබලයක් ඇති කර ඒ අවස්ථාවේදී පනත සම්මත කර ගන්නවා.
ජනතාව ජනාධිපතිවරයාට බලය ලබා දුන්නේ බලය බෙදන්න නොවෙයි. ජනතාවට සේවය කරන්න. එතුමා වේදිකාවේ කථා කරන විට අනිත් අය කරලා ඉවරයි. එයින් සිදුවන්නේ රටට මහත් විපත්තියක් යැයි පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නායක හිමියන් වැඩිදුරටත් සදහන් කළහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS