විමල් විරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ මේවනවිට දෙකඩ වීමේ අවධානමකට ලක්ව ඇති අතර මෙතෙක් රහසක්ව පැවති එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු...
විමල් විරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ මේවනවිට දෙකඩ වීමේ අවධානමකට ලක්ව ඇති අතර මෙතෙක් රහසක්ව පැවති එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු රැසක් ඉදිරිදින කිහිපය තුලදී අනාවරණය වීමට ද නියමිතව තිබේ.
විමල් විරවංශ මහතා අමාත්‍යවරයකුව සිටියදී සිදුකල ඥාති සංග්‍රහ, වංචා දුෂණ, ඊට අදාල FCID විමර්ශන යට ගසා ගැනීමට ආණ්ඩුවේ බලධාරීන් සමග කල රහස් ගනුදෙනු මෙන්ම විරවංශ මහතාගේ පවුලේ සැඟවුන රහස් රැසක් ඉදිරි දින කිහිපය තුලදී අනාවරණය කිරීමට එම පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටිති.
එහි ආරම්භක පියවරක් ලෙස අද (29) පෙරවරුවේ තම ගම්පහ නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති පියසිරි විජේනායක මහතා, ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත්විමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කලේ ඇයි ද යන කාරණය සම්බන්ධයෙන් එහිදී සවිස්තරව අනාවරණය කිරීමට නියමිතබව එම පක්ෂයේ ප්‍රධානියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
ශෂීගේ අල්ලේ නැටවෙන රූකඩයක් ?
ජාතික නිදහස් පෙරමුණ මේවනවිට විමල් විරවංශ මහතාගේ බිරිඳව වන ශෂී විරවංශ මහත්මියගේ අනසකට යටත්ව ඇතැයි චෝදනා කර සිටි එම ප්‍රකාශකයා, විමල් විරවංශ මහතා විසින් පක්ෂය පවා දෙමින් සිදුකර ඇති දේශපාලන 'ඩිල්' හෙළිකරමින් ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමට ඉදිරිදින කිහිපයෙහි කටයුතු කරන බවද කියා සිටියේය.
පසුගිය 25 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී පියසිරි විජේනායක මහතා විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම සම්බන්ධයෙන් විමල් විරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් විවේචනය කිරීමත් සමග ජාතික නිදහස් පෙරමුණේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධය රට හමුවේ අනාවරණය විය.
COMMENTS