දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශිරන්ති හූනියම් කිරීමට ඉන්දියාවෙන් කට්ටඩි ගෙන්නයි.
Homeප්‍රවෘත්ති

ශිරන්ති හූනියම් කිරීමට ඉන්දියාවෙන් කට්ටඩි ගෙන්නයි.

PropellerAds

වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට ශිරන්ති රාජපක්ෂට පසුගිය ජුලි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...

අපේ ආණ්ඩුව සමග එකට ඉන්න හාමුදුරු කෙනෙක් ත‍්‍රිකුණාමලේ කැලෑ කපනවා - ආරක්‍ෂක ලේකම්
අගමැති මහින්දට කොරෝනා එන්නත විදී !
රට සම්පූර්ණයෙන්ම සංචාරකයන්ට විවෘත කරන්න ජනපති තීන්දු කරයි

වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට ශිරන්ති රාජපක්ෂට පසුගිය ජුලි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන මෙන් දැනුම් දී තිබුණ ද ඇය එදින පැමිණීමට නොහැකි බව නීතීඥවරුන් මාර්ගයෙන් දන්වා යවා තිබිණි. 

ජුලි 28 වන දා යෝශිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන මෙන් දැනුම් දී තිබුණ ද ඔහු සිය පාදයේ ශල්‍යකර්මයක් හේතුවෙන් ඇඳ විවේක ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව පවසා වෙනත් දිනයක් ඉල්ලා තිබිණි. 

එසේ වුවත් අප වෙත වාර්තා වන පරිදි යෝශිත සහ නාමල් රාජපක්ෂ ජුලි 28 වන දින වෛද්‍ය උපදේශ පසෙක තබා අම්පාරේ සංචාරයකට ගොස් ඇත. 

කෙසේ වෙතත් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති සහ ඒ දෙපළගේ දෙවන පුතු වන යෝශිත දැනට සිටින්නේ තමන් අත් අඩංගුවට පත් වනු ඇතැයි මර බියෙනි. ශිරන්ති සහ යෝශිත දෙදෙනාට ම අගෝස්තු 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණෙන ලෙස අළුතින් දැනුම් දී තිබේ. 

ඒ අනුව මේ දිනවල සුලභ දසුනක් වී ඇත්තේ ශිරන්ති රාජපක්ෂගේ කැළණි රජ මහා විහාර වන්දනාවයි. කතාවට නම් කියන්නේ 'උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ' කියාය. එහෙත් තමන් කළ පව් ප්‍රමාණය තමන් ම දන්නා නිසා දෝ ශිරන්ති නිතර දෙවේලේ කැළණිය වඳින්නට පටන් ගෙන තිබේ. 

කැළණිය රජ මහා විහාරයේ විහාරාධිපති මහින්ද සංඝරක්ඛිත හිමියන් ද ශිරන්තිව උඩ මළුවට ම කැඳවාගෙන යන අතර ඇය දන්නා තරම් ගාථා කියමින් බෝධියෙන් ගැලවීම ඉල්ලා සිටී. කතාවට අදාල නොමැති වුවද කාන්තාවන් සාමාන්‍යයෙන් වැද්ද නොගන්නා උඩ මළුවට ශිරන්තිට ප්‍රවේශය ලබා දීමෙන් ඊනියා කාන්තා විරෝධය බිඳහෙළීම පිළිබඳව නම් සංඝරක්ඛිත හිමියන්ට අපේ ප්‍රණාමය හිමිවිය යුතුය. කෙසේ වෙතත් ශිරන්තිගේ මේ දිනවල සම්පූර්ණ දින චර්යාව සැකසී ඇත්තේ නොයෙකුත් නල්ලමලේ පූජාවන් සමඟය. 

මෙය කොතෙක් දුර දිග ගොස් ඇතිද කියනවා නම් මේ දිනවල ශිරන්ති රාජපක්ෂ නොයනා දේවාලයක් නොමැති තරම් ය. කොහේ හෝ සිටින ගල් බමුණෙක් පැමිණ 'ආං අහවල් තැන බෝ පැළයේ මහා අනුහස් ඇතැයි' කීවා නම් පසුදාට ශිරන්ති එතැනය. 

මෙහි අවසාන තුරුම්පුව වශයෙන් ලබන සතියේ 14 වනදාට පෙර ඉන්දියාවෙන් කට්ටඩි ගෙන්වා තාජුඩීන් ඝාතනය ගැන පරීක්ෂණ කරනා නසරාණි CID විමර්ශකයින්ගේ පවුල් පිටින් හැඳිගෑවී යන ලෙස ඉල්ලා හූනියම් කිරීමට නියමිතය. ( කට්ටඩි කියා ලිවීමට යන වාරයක් පාසා ලියැවෙන්නේ ම තක්කඩි කියාය. අකුරු වෙනස් වුවත් කෙරුවාව එකය. එසේ වෙතත් 2014 අවසාන භාගයේදී මහින්දට ලණුදී රට බේරා ගත්තේද මෙකී තක්කඩි විසින්ම බව ද නොසලකා හැරිය නොහැක.)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශිරන්ති හූනියම් කිරීමට ඉන්දියාවෙන් කට්ටඩි ගෙන්නයි.
ශිරන්ති හූනියම් කිරීමට ඉන්දියාවෙන් කට්ටඩි ගෙන්නයි.
http://ift.tt/2uwtatT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_699.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_699.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy