දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ සයිටම් විසඳුම ; ඇත්ත තේරුම් ගනිමින් අන්තවාදයට පිටුපෑමකි.
Homeප්‍රවෘත්ති

රජයේ සයිටම් විසඳුම ; ඇත්ත තේරුම් ගනිමින් අන්තවාදයට පිටුපෑමකි.

PropellerAds

  ඒ කෙසේ වෙතත් පැහැදිලිවම සයිටම් ආයතනය මුල් කර ගනිමින් ප‍්‍රශ්නයක් පැණ නැඟී ඇති බවත්, ඊට අදාළව ගතයුතු පියවර ගණනාවක් ඒ තුළ අන්තර්ගතව ඇති ...

රැහේ ඇත්තත් පක්ෂය මාරු කරතැයි වන්නිලැත්තෝ බියෙන්
ව්‍යවස්ථාදායකයේ සංයුතිය ජනපති වටහාගත යුතුයි
‘ලක්බිම’ වසාදමයි..
රජයේ සයිටම් විසඳුම ; ඇත්ත තේරුම් ගනිමින් අන්තවාදයට පිටුපෑමකි.

 

ඒ කෙසේ වෙතත් පැහැදිලිවම සයිටම් ආයතනය මුල් කර ගනිමින් ප‍්‍රශ්නයක් පැණ නැඟී ඇති බවත්, ඊට අදාළව ගතයුතු පියවර ගණනාවක් ඒ තුළ අන්තර්ගතව ඇති බවත්, එහිදී අප පළමුවෙන්ම පිළිගත යුතුය. සයිටම් ආයතනය යනු මහින්ද රාජපක්ෂ පාලන සමයේදී, මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආශිර්වාදයෙන්  යුතුව ආරම්භ කර තිබීම, ඊට එරෙහිව මාරාන්තික විරෝධතාවයක් පළ කරන ආයතන හා සංවිධාන මෙන්ම දේශපාලන කණ්ඩායම් ද එකී රාජපක්ෂ යුගයේදී  නිහඬත්වය තුළ ඊට සහයෝගය ලබාදීම හා සයිටම් විරෝධි මතවාදයට නායකත්වයක් දෙන පුද්ගලයන්ගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය රටවල ද පුද්ගලික විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබීම වැනි කරුණු තුළ ලඝු කර එකී ප‍්‍රශ්නයෙන් මගහැර යාමට කිසිවෙකුට නොහැකිය.

 රජය පමණක් නොව රජයට සබඳතාවයක් නොමැති සිවිල් හා විද්වත් ප‍්‍රජාව නියෝජනය කරන බොහෝ දෙනෙකු මේ ප‍්‍රශ්නය කෙරෙහි ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන ලද්දේ ඒ නිසාය. එහිදී උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අදාළව රාජ්‍ය නොවන අංශයේ ඝෘජු දායකත්වයක ඇති අවශ්‍යතාවය පිළිගන්නා සහ සයිටම් විරෝධි යන බෙදුම් රේඛාවට අනුව දෙපසට වී සිටී කණ්ඩායම් දෙකක වාද විවාදයන් අතරතුර අවස්ථා ගණනාවකදීම යම් යම් උත්සාහයන් සිදුව ඇත්තේ ඒ අනුවය. ඒ සඳහා රජය ද අවස්ථා කිහිපයකම උත්සාහ ගනු ලැබූ බව මෙහිදී අප අමතක නොකළ යුතුය. එහෙත් පසුගිය කාලයේදී ඒ සඳහා ගනු ලැබූ උත්සාහයන් සියල්ල ප‍්‍රශ්නයට ස්ථාවර හා සාර්ථක විසඳුමක් ලබා නොදුන්නේය. ඒ තුළ  සංක‍්‍රාන්තික වශයෙන් වැදගත් විසඳුම් ගණනාවක් ඉදිරිපත්වී තිබුණ ද ඒ කිසිවක් අවසන් විසඳුම ලෙස කිසිවෙකු විශ්වාස නොකළේය.

සත්‍ය වශයෙන්ම ඒ සඳහා පසුගිය කාලය තුළ ගනු ලැබූ ප‍්‍රයත්නයන්හි උත්සාහ කර ඇත්තේ විවාදයකට පටලැවී සිටින දෙපාර්ශ්වයකට ප‍්‍රායෝගික විසඳුමකට එළැඹීම සඳහා පහසු කිරීම විය හැකිය. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම ස්ථිරසාර විසඳුමකට නොඑසේනම් අවසන් ප‍්‍රතිපත්තිමය තීන්දුවකට පිවිසීමට ඇති අවශ්‍යතාවය රජය විසින්  බැහැර නොකරන ලද බව ද එහිදී අමතක නොකළ යුතුය.
 සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන ගැටලූව නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජනාධිපති කමිටුව සිය යෝජනා සහ නිර්දේශ රජයට ඉදිරිපත් කරන්නේ එවැනි පසුබිමකය. එකී කමිටුවේ නිර්දේශ ඇතුළත් නිවේදනය මේ වන විටත් නිකුත් වී තිබේ. එම නිවේදනයේ ඇතුළත් යෝජනා හා නිර්දේශ ඉතා වැදගත් හා තීරණාත්මක වන්නේ මූලික වශයෙන් කරුණු දෙකක් නිසාය. එයින් වැදගත්ම හා පළමු කරුණ වන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජනාධිපති කමිටුව ඉදිරිපත් කර ඇති යෝජනා හා නිර්දේශ රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන තිබීම තුළය. දෙවැන්න පෙර සඳහන් කළ පරිදි මෙකී ප‍්‍රශ්නය තුළ අන්තර්ගතව තිබූ අතිශයින්ම සාධාරණ දුක් ගැනවිලි හා ගැටලු මෙන්ම අතිශය අසාධාරණ කුහක හා පටු දේශපාලන අරමුණු ද ඇතුළත්ව දක්නට තිබූ සංකීර්ණ ස්වභාවය තුළ යා හැකි උපරිම දුරටම ගමන් කරමින් සයිටම් ආයතනයට පක්ෂ, විපක්ෂ දෙපාර්ශ්වයටම ගෞරවාන්විත හා සාධාරණ විසඳුමකට ඒ මගින් මාර්ගයක් විවරකර ඇති නිසාය.

ඒ බව තේරුම් ගැනීම සඳහා සයිටම් විරෝධි ප‍්‍රවාහය ඉදිපත් කරන ලද කරුණු දෙකක් විමසා බැලිය හැකිය. ඔවුන් එහිදී අවධාරණය කළේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අනුගමනය කරමින් සිටි පිළිවෙත හරහා නිසි ප‍්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බිහිවීමේ අවදානමක් ඇති බවය. ඔවුන්ගේ අනෙක් චෝදනාව වූයේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය ලබාදීම තුළ හුදු ලාභ ලබා ගැනීමේ අරමුණින් යුතුව පවත්වාගෙන යන අධ්‍යාපන කඩයක් ඒ හරහා නිර්මාණය වී ඇති බවය. සත්‍ය වශයෙන් සයිටම් විරෝධීන් ඉදිරිපත්කරන ලද ප‍්‍රශ්නයේ මූලික හරය නියෝජනය වූයේ එකී චෝදනා දෙක තුළය. ඒ අනුව අප විමසා බැලිය යුත්තේ අද රජය මගින් ප‍්‍රකාශයට පත් කළ විසඳුම් යෝජනාවලිය තුළ ඊට පිළිතුරක් ලැබී ඇත් ද යන්නය.

කුහක මනසකින් නොබලන්නේ නම්, නොකෙරෙන වෙදකමකට බෙහෙත් සොයන අයෙක් නොවන්නේ නම් සත්‍ය වශයෙන්ම අද නිවේදනය කරන ලද රජයේ විසඳුම් යෝජනාවලිය තුළ එකී ප‍්‍රශ්න දෙකටම පැහැදිලි විසඳුමක් ලබාදී තිබේ. සයිටම් වෛද්‍ය විද්‍යාලය හරහා නිසි ප‍්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බිහිවීමට ඇති අවදානමට අදාළව රජය පිළිතුරු සොයා ගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් අවම ප‍්‍රමිතීන් හඳුන්වාදීම සඳහා සහ පවත්වාගෙන යාම සඳහා නව ආයතනයක් නීතිගත කිරීම මගිනි. සයිටම් යනු ලාභ ලැබීමේ අරමුණින් යුතුව පවත්වාගෙන යන අධ්‍යාපන කඩයක් ය යන චෝදනාව ද බරපතළ ලෙස සැලකිල්ලට ගෙන ඇති ජනාධිපති කමිටුව ඊට ද විසඳුමක් යෝජනා කර තිබේ. එය පියවර තුනකින් යුක්තය. පළමු පියවර සයිටම් ආයතනය අහෝසි කිරීමය. දෙවන පියවර වන්නේ සයිටම් ආයතනයට අනුබද්ධව පවත්වාගෙන ගිය වෛද්‍ය පීඨය දැනට පවත්නා හිමිකාරිත්වයෙන් ඉවත් කිරීමය. එනම් එය තවදුරටත් වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතාට හෝ ඔහුගේ පවුලේ අයට හිමිකම් ඇති වත්කමක් නොවනු ඇත. තෙවන හා වැදගත්කම පියවර ලෙස සැලකිය හැක්කේ සයිටම් වෛද්‍ය පීඨයේ සියලූම මෙහෙයුම් කටයුතු හා කළමනාකරණය ලාභ නොලබන ආයතනයක් යටතට පත් කිරීමය. ඒ අනුව එය කිසිසේත්ම තවත් අධ්‍යාපන කඩයක් නොවනු ඇත. එමෙන්ම නිසි ප‍්‍රමිතියකින් යුත් වගකීම් සහගත ව්‍යුහයක් තුළ වෛද්‍ය අධ්‍යාපනය සඳහා විවර කෙරෙන පිළිගත් ආයතනයක් වනු ඇත.

පටු දේශපාලන ඇසකින් හෝ කුහක අරමුණකින් යුක්තව ප‍්‍රශ්න දෙස නොබලන සියලුදෙනා නිසැක වශයෙන්ම මේ පිළිබඳව නෙත් යොමනු ඇත්තේ අතිශයින්ම සුබදායකවය. 

- සුනිල් ජයසේකර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ සයිටම් විසඳුම ; ඇත්ත තේරුම් ගනිමින් අන්තවාදයට පිටුපෑමකි.
රජයේ සයිටම් විසඳුම ; ඇත්ත තේරුම් ගනිමින් අන්තවාදයට පිටුපෑමකි.
http://ift.tt/2lqRyOs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_106.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_106.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy