දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ව්‍යවස්ථාදායකයේ සංයුතිය ජනපති වටහාගත යුතුයි
Homeප්‍රවෘත්ති

ව්‍යවස්ථාදායකයේ සංයුතිය ජනපති වටහාගත යුතුයි

PropellerAds

විධායක ජනාධිපතිවරයාට තමන් සමඟ වැඩ කළ හැකි අගමැතිවරයෙක් පත් කර ගත යුතු බව සැබෑ යැයි කී රතත හිමියෝ ගොඩ වැඩි නම් 113 ත් ඇත්නම් වෙනත් කෙනෙක් න...

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු
සැකකරුවෙකුට පහරදුන් පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවක්
ජනපති‍ගේ දවසක වියදම කෝටිය පනී - අයවැයේ වියදම් මෙන්න
ව්‍යවස්ථාදායකයේ සංයුතිය ජනපති වටහාගත යුතුයි

විධායක ජනාධිපතිවරයාට තමන් සමඟ වැඩ කළ හැකි අගමැතිවරයෙක් පත් කර ගත යුතු බව සැබෑ යැයි කී රතත හිමියෝ ගොඩ වැඩි නම් 113 ත් ඇත්නම් වෙනත් කෙනෙක් නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය නම්යශීලී විය යුතු යැයි ද කීහ.
 
විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කළ කතාව මධ්‍යස්ථ යැයි තම මතය බවත් ඒ කරුණු වල සාධාරණයක් ඇති බවත් පැවැසූ රතන හිමියෝ බහුතරයක් නැත්නම් රැඳී සිටිය නොහැකි බවද ආණ්ඩුවක් ගෙනයා නොහැකි බව ද පැවැසූහ.
 
ඉකුත් රජයේ තිබූ වැරදි ආර්ථික පිළිවෙත නිවැරදි කරන්නේ කෙසේ ද යන තම ස්ථාවරය පාර්ලිමේන්තුවේ දී අද කියා සිටියේ යැයි ද උන් වහන්සේ කීහ. රටේ ජාතික සම්පත් විකීණීම නව ලිබරල් ආර්ථික පිළිවෙත විසින් රටට අවාසි සහගත තත්ත්වයක් ඇති කර තිබිණි යැයි කී රතත හිමියෝ පමා වන හැම දවසකම රටේ සම්පත් රටට අහිමි වන තත්ත්වයක් තිබූ බව ද කීහ.
 
ජනාධිපතිවරයා ගත් පියවරට සහය පළ කළේ ඒ නිසා යැයි පැවසූ රතන හිමියෝ එහි දී තම අභිමතය කුමක් වුවත් පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩු පක්ෂය දිනා ගත යුතු  බවත් එසේ නොහැකි නම් සුළුතර ආණ්ඩුවක් ලෙස බහුතර ආණ්ඩුවකට පවතින්නට ඉඩ කඩ ලබා දිය යුතු බව ද පැවසූහ.
 
මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළේ සුළුතර ආණ්ඩඩුවක් ලෙස වන නමුත් එවකට සිටි බහුතර ආණ්ඩුව එයට පවතින්නට ඉඩ දුන් බව සිහි කළ රතන හිමියෝ මාස කිහිපයක් අවශ්‍ය නම් මේ සුළුතර ආණ්ඩුවට පවතින්නට ඉඩ දිය හැකි බව ද පෙන්වා දුන්හ.
 
රටේ ජනතා පරමාධිපත්‍යය දිනා සිටින ජනාධිපතිවරයාගේ තීන්දුව ව්‍යවස්ථාදායකය විසින් අභියෝගයට ලක්කර ඇතැයි පැවැසූ උන්වහන්සේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායකයේ ඇති සංයුතිය හා ස්වාභාවය වටහා ගෙන කටයුතු කළ යුතු යැයි ද කීහ.

කෙසේ වෙතත් අධිකරණ තීන්දුවකට යොමුවී ඇති බැවින් දහ වෙනිදාට පෙර යම් විසඳුමක්  ලබා  ගත හැකි යැයි විශ්වාස කරන බවත් රතන හිමියෝ පැවැසූහ. අධිකරණ තීන්දුව අනුව ඉදිරි පියවර තීරණය කළ හැකි වනු ඇතැයි ද ඒ අතරතුර යම් විමසුමකට එළැඹිය හැකි වනු ඇත්ද යන්න ගැන යමක් දැන්ම කිව නොහැකි යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ව්‍යවස්ථාදායකයේ සංයුතිය ජනපති වටහාගත යුතුයි
ව්‍යවස්ථාදායකයේ සංයුතිය ජනපති වටහාගත යුතුයි
http://am.lk/media/k2/items/cache/122e9fccf87e87d76aa3209fc4ce50ac_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy