දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්‍රිකට් අර්බුදය ගැන කියන්න අර්ජුන ICCයට.
Homeප්‍රවෘත්ති

ක්‍රිකට් අර්බුදය ගැන කියන්න අර්ජුන ICCයට.

PropellerAds

"ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය වැළැක්වීමට කුමක් හෝ කරන්න වෙයි. ඇත්තටම අපි කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයෝ තෝරා ගන්න ඕන. අද තියෙන්නේ පරිපාලනයේ ...

බදියුදීන්ගේ කුටිය වටේට කොරෝනා ආසාදිතයන්.. ඉන්න බෑ කියා ඇප ඉල්ලයි
යහපාලන පොහොර සභාපති අත්අඩංගුවට.. එක තොගයක වංචාව කෝටි 09යි
සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස් කෙරේ !

"ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය වැළැක්වීමට කුමක් හෝ කරන්න වෙයි. ඇත්තටම අපි කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයෝ තෝරා ගන්න ඕන. අද තියෙන්නේ පරිපාලනයේ ප්‍ර‍ශ්නයක්. රටක නීතියක් තියෙනවා. ඒ අනුව කටයුතු කර ඊළග අනාගතයට ක්‍රිකට් ඉතිරි කළ යුතුයි. ඒ සඳහා කුමක් හෝ කරන්න වෙයි." යැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පවසති. උන්වහන්සේ මේ පැවැසුවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උන්වහන්සේව බැහැදුටු අවස්ථාවේදීය.

ඉන් අනතුරුව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හමුවීමට ගොස් තිබේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රිකට් පරිහානිය නතර කිරීමට ක්‍රිකට් පරිපාලනය භාරගෙන කටයුතු කරන්නැයි මහානායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.

පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ ක්‍රිකට් වැඩමුළුවට සහභාගි නොවූයේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් විමසා සිටියේය. ඊට ප්‍ර‍තිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,

"ක්‍රිකට්වලට ආදරය තියෙන කිසිම කෙනෙක් ඔතැනට යන්නේ නැහැ. එතැන තනිකරම වංචාවක් ප්‍රෝඩාවක් කළේ. මේ වැඩමුළුව කරන්න තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංශය. නමුත් එහෙම වුණේ නැහැ. මට එවූ  ආරාධනා පත්‍ර‍යේ පැමිණීම සනාථ කිරීමට දැනුම්දිය යුතු දුරකථන අංකයට යොදා තිබුණේ ගයත්‍රි කියන අයකුගේ නමක්.  ඒ තැනැන්තිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩකරන නිලධාරිනියක්. ඒකෙන්ම පේනවා මේ කරන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය අද තියෙන ප්‍රශ්න ටික කල් දැමීමේ ක්‍රියාමාර්ගයක්. ඒ වගේම ඇමතිතුමා කියනවා මේක වැදගත් සාකච්ඡාවක්.

නමුත් එතුමා මේ වැඩමුළුවේ ඉන්නේ විනාඩි පහක් දහයක් වගේ සුළු වෙලාවක්. ඇත්තටම එතුමාට ක්‍රිකට් ගැන කැක්කුමක් නෑනේ. එතුමා ක්‍රිකට් ගහලත් නැහැ. ක්‍රිකට් ගැන දැනුමකුත් නැහැ.  

ක්‍රීඩා අමැතිතුමා කියනවා මම පාරවල්වල කථා කරනවා කියලා. නමුත් මගේ ජීවිතය කියන්නේ ක්‍රිකට්. මම යම් දෙයක් ලබා ගත්තා නම් ලබා ගත්තේ ක්‍රිකට්වලින්. ඒ  හින්දා රටේ ක්‍රිකට් විනාශ වෙන එක මට බලන් ඉන්න බැහැ. මම ක්‍රිකට් වෙනුවෙන් ඕන තැනක ගිහිල්ලා කථා කරනවා. ඒක මෙහෙ කරගන්න බැරි වුණොත් ලෝක ක්‍රිකට් කවුන්සිලයට හරි ගිහිල්ලා ඔවුන්ව දැනුවත් කරනවා අපේ රටේ ක්‍රිකට්වලට වෙන විනාශය ගැන. එතැනට යන්න කලින් මම තව ටික කාලයක් දෙනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රිකට් අර්බුදය ගැන කියන්න අර්ජුන ICCයට.
ක්‍රිකට් අර්බුදය ගැන කියන්න අර්ජුන ICCයට.
http://ift.tt/2xdXG04
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/icc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/icc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy