ර ක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවේ කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත...
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවේ කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මේ බව ඊයේ දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේද හෙළිවිය.
ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා ඒ වෙත නොකැදවා බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්‍ෂණය මගින් සාක්ෂි ලබා ගැනීම සිදු කරන ලදී.
මේ තත්ත්වය මත මන්ත්‍රීවරයා ඇප ඉල්ලීමක් සිදුකර ඇත.
තමනට බන්ධනාගාරය තුළ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නොමැති හෙයිනි ඇප ලබා දෙන්නැයි මෝසමක් අධිකරණයට ඔහුගේ නීතීඥයන් ඉදිරිපත් කර තිබේ.
මෙම මෝසම් 25 වැනිදා සලකා බැලීමට නියමිතව ඇත.

COMMENTS