රවී පීරිස්, ජනක ගුණතිලක, ජගත් පලිහක්කාර, චූලා ද සිල්වා, බී.ආර්. එස්. ආර්. නාගහමුල්ල ඇතුළු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරීවරුන් පිරිසක් පසුගියද...
රවී පීරිස්, ජනක ගුණතිලක, ජගත් පලිහක්කාර, චූලා ද සිල්වා, බී.ආර්. එස්. ආර්. නාගහමුල්ල ඇතුළු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරීවරුන් පිරිසක් පසුගියදා නියෝජ්‍ය පොලිස්පති තනතුරු සඳහා උසස්වීම් ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක ප්‍රතිඵලයක් ලෙසය. ඔවුන් විසින් ගොනුකර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දු අනුව ඔවුන්ට මෙසේ උසස්වීම් හිමි වී තිබිණි.
නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූව ද නීතිය ගැන හෝ සදාචාරය ගැන අකුරක් නොදන්නා මේ හත් දෙනා තමන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වෙනුවෙන් සාදයක් සූදානම් කොට ඒ සඳහා අදාල විනිසුරුවරුන්ට ආරාධනා කර ඇත. මේ මොහොත වන විට ක්‍රෙස්කට් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙහි රහසිගත නිවසක සාදය සඳහා සියල්ල සූදානම් කරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරුන් මඟ බලා සිටින බවත් එහෙත් සාදය සඳහා එකදු විනිසුරුවරයෙකු හෝ නොපැමිණෙන බවත් ඔවුන් නි.පො.ප.ලාගේ දුරකථන ඇමතුම් වලට හෝ පිළිතුරු නොදෙන බවත් අප වෙත වාර්තාවේ.
අදාල විනිසුරුවරුන් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ "මුං නානවා මදිවට අපිවත් නාවන්න එනවා" යනුවෙනි.
නඩු තීන්දුවක් සම්බන්ධයෙන් සතුට පළකරමින් විනිසුරුවරුන් වෙනුවෙන් ප්‍රියසාද පැවැත්වීමට යාමට සම්පූර්ණයෙන් ම අනීතික ක්‍රියාවකි. එහෙත් නීතිය රැකීමට සිටිනවායැයි කියමින් එය වැනසීම හැර වෙන කිසිත් නොදන්නා ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම මට්ටමේ නිලධාරීන් පිරිසක් මේ උත්සාහ කරන්නේ එසේ රටේ ඉහළම අධිකරණයෙහි විනිසුරුවරුන්ට කෑම බීම සපයා ස්තුතිය පළ කිරීමටය. මින් පෙන්නුම් කෙරෙන්නේ වසර 151ක් වයසැති පොලිස් දෙපාර්තමේන්තුව අද ඇද වැටී ඇති පහළ මට්ටමය.
මහමඟ යන බයිසිකල්කරුවාගේ පටන් රටේ ඉහළම ව්‍යාපාරිකයන් දක්වා පුද්ගලයින්ගෙන් තමන් අල්ලස් සන්තෝසම් හිතේ හැටියට ගන්නා බැවින් ඔවුන් සිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ද ඒවා දිය හැකි බවය. මේ ගැන කියන්නට ඇත්තේ "මොන ජීවිතද මේවා ?" කියා පමණය.
එසේම මෙම සාදයේ මහ මොළකරු වන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ද අදාල ස්ථානයෙහි නි.පො.ප. වරුන් හා මඟ බලමින් සිටින බව ද අප වෙත වාර්තා වේ. පෙරකී නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනාම දැන් නැටවෙන්නේ වජිර අබේවර්ධනගේ අල්ලේ බව නොරහසකි. මොවුන් මේ වජිරත් සමඟ නටන්නට සූදානම් වන්නේ කවරාකාරයේ නැටුමක් ද යන්න සෝදිසිකර බැලීම දැනටත් වැලේ වැල් නැති පොලීසියේම යහපතට හේතුවනු ඇත.
එසේම මෙවන් නින්දිත අවනීතික ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් කොමිසම ගන්නේ කවර ක්‍රියාමාර්ගයක්දැයි යන්න පිළිබඳව රටේ නීතිය අගයන ජනතාව බලා හිඳින්නේ මහත් විමසිල්ලෙනි.
COMMENTS