සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ලංකාවේ ප්‍රථමවරට කාන්තාවක් පත්කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළ හෙළන්...
සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ලංකාවේ ප්‍රථමවරට කාන්තාවක් පත්කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළ හෙළන් මීගස්මුල්ල මහත්මිය නව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරිය ලෙස එසේ පත්කර ඇත.
මෙම තීරණයට සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් වෘත්තීය සමිති විරෝධය පළ කර තිබේ.
තවත් මාස 6 කින් විශ්‍රාම යාමට නියමිත සාමාන්‍ය පරිපාලන සේවයේ නිළධාරිණියක් වන ඇයට අදාල තනතුරේ විෂය පථය අවබෝධ කරගැනීමට වත් කාලයක් නොමැති බව පවසන සුරාබදු වෘත්තීය සමිති පෙන්වාදෙන්නේ අදාල නිළධාරිණිය සම්බන්ධයෙන් ද චෝදනා පවතින බවයි.
කෙසේවුවද එම චෝදනා වල පදනමක් නොමැති බවට තීරණය කල කැබිනට් මණ්ඩලය එම තනතුර ඇයට ලබාදීම මුළුමනින්ම අනුමත කර ඇත.
COMMENTS