අද දින 2020 ජූලි 07 වන වන දින කුරුණෑගල මඩහපොල දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සේවක මහතෙකුට හා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ රථයක...
හෙට 2020 ජූලි 08 හා අනිද්දා 09 යන දෙදින තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිත මහා සංඝරත්නය බැහැ දැකීම සදහා පැවැත්වීමට නියමිත උත්සවයක ආරාධනා පත් බෙදා හැරීමට යාමේ දී මෙම පහර දීම සිදු ව ඇත.
ආරාධනා පත්‍ර බෙදා දීම සිදු කල අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතා ගමන් කළ වෑන් රථය හරස් කළ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් රියදුරුට හා අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතාට දැඩි ලෙස පහර දී ඇති අතර ටී.බී ඒකනායක මහතාගේ බල ප්‍රදේශ තුළ කිසිවකුට ඡන්ද ව්‍යපාරය කිරිමට නොහැකි බවට තර්ජනය කොට දැඩි ලෙස පහර දී ඇති බව එම රියදුරු මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතා පොලිසියට පවසා ඇත.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු පොල්පිතිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.මේ පිළිබදව නිකවැරටිය බල ප්‍රදේශයට අයත් පන්සියගම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.තවද පහර දීම සදහා පිරිස රැගෙන පැමිණි ඩිෆෙන්ඩර් රථය රාජ්‍ය ආයතනයක වාහනයක් හා එහි අංක තහඩු මාරු කර ඇති බවට ද පැමිණිලි කර ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පැවැත්වෙමින් ඇත.
-gindaranews.com
COMMENTS