අ ත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධියට අදාළව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ...
අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධියට අදාළව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා.
රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු මෙලෙස මෙම ජාවාරමට ඇල්ලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 18 වන නිලධාරියා වනවා.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී කඩවත – ඉඳිගහමුල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතට අනුවයි ඔහු මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කෙරෙන්නේ.
ඊයේ සැකකාර පොලිස් පරික්ෂකවරයා කඩවත පොලීසිය අත්අඩංගුවට ගත්තේ ඉඳිගහමුල ප්‍රදේශයේ ඔහු රැදී සිටින බවට ලද තොරතුරක් අනුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවස පෙරේදා පරීක්ෂා කර තිබූ අතර, සැකකාර පොලිස් පරීක්ෂකවරයා නිට්ටඹුව ප්‍රදේශයේ සිට පොලීසියට භාරවීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් කඩවතින් බැස ඇති ඔහු එහි ආපනශාලාවකට ගොස් නිවසට ඇමතුමක් ලබාගෙන ඇති අතර, එම ඇමතුම අතරතුර ඔහු හඬා වැටී තිබෙනවා. එම අවස්ථාවේ සිද්ධිය පිළිබඳ දැනගත් ආපනශාලාවේ හිමිකරු ඔහුට ඉන් පිටතට යන ලෙස දැනුම්දී ඇති අතර, අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. කඩවත පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගමන් මළු දෙකක්ද ඔහු සතුව තිබූ බවයි.
49 හැවිරිදි ඔහු වැලිවේරිය – කිරිකත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මීට පෙර මෙම සිද්ධියට අදාලව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඔවුන්ට අමතරව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුද සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ පසුවනවා. ඔවුන් සියලූදෙනාද රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා

COMMENTS