මෙම පෙළපාලියහි සියලු පළාත් නියෝජනය කරමින් පළාත් නාමපුවරුව පසුපස ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිළධාරීන් ගමන් කලද, දකුණු පළාත් නාමපුවරුව පසුපස ග...
මෙම පෙළපාලියහි සියලු පළාත් නියෝජනය කරමින් පළාත් නාමපුවරුව පසුපස ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිළධාරීන් ගමන් කලද, දකුණු පළාත් නාමපුවරුව පසුපස ගමන්කරනු ලැබූවේ ක්‍රීඩා නිළධාරීන් පමණකි.
මෙයට හේතුව ලෙස දක්වන්නේ දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත්කිරීමට විරෝධය පෑමක් වශයෙනි.
ඊයේ (22) සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ අතර බී.කේ.සුජිත් රෝහිත් හා ශ්‍රියානී දම්මිකා මැණිකේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපළ අතින් ඔලිප්පික් පහන දැල්වීම සිදුවිය.
ශ්‍රී ලංකාවේ සියළු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහභාගි වන මෙම ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 22- 24 වන දින දක්වා පැවැත්වේ.
මෙම උත්සවයට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, දකුණුපළාත් ක්‍රිඩා අමාත්‍ය හා මහ ඇමති ශාන් විජයලාල්, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභයවර්ධන, පළාත් නවයේ ක්‍රීඩා අමාත්‍යවරුන්, අමාත්‍යංශ නිළධාරීන්, පොලිස්පති, ක්‍රීඩක ක්‍රිඩිකාවියන් හා ජනතාව විශාල පිරිසක් පැමිණ සිටියහ.
- මාතර ඉදුනිල් කැළුම් ජයවීර -
COMMENTS