හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ දී පැවැත්විමට කටයුතු කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැළියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිද...
හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ දී පැවැත්විමට කටයුතු කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැළියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු සහභාගි නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැටන් කාර්යාලයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කටයුත්තක නියැළී සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොකට 2020 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටු විමට සියළුදෙනා එකට එක්වි කටයුතු කළ යුතු බවත් පෙරියසාමි ප්‍රදිපන් මහතා වැඩිදුරටත් පැවසීය.
-හැටන් රන්ජිත් -
COMMENTS