බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් වෙනත් ගිණුම්වලට මාරු කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැ...
බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් වෙනත් ගිණුම්වලට මාරු කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම සමාගමට නියෝගයක් නිකුත් කර ඇත.
එසේම එම සමාගමේ ගනුදෙනු සීමා කිරීමට ද මහ බැංකුව පියවර ගෙන ඇතැයි ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව හෙළි කළේය.
ඒ අනුව එම සමාගමේ මුදල් එම ගිණුමේ ම තබා ගත යුතු බව ද ඔවුන්ට මින්පසු සිදුකළ හැකි වන්නේ සීමිත ගනුදෙනු ප්‍රමාණයක් පමණක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
මේ අනුව මෙම ප්‍රධාන පියවර දෙක මහ බැංකුව විසින් ගෙන ඇතැයි ද මීළඟ අදියරේදී මේ සමාගම උපයාගත් අධික ලාභ නිසා රජයට වූ අලාභය අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙය පෙරළියක ඇරඹුමක් බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර ගනුදෙනුවේදී මහ බැංකුවේ ක්‍රියාපටිපාටි උල්ලංඝනය කර ඇති බවත් යහපත් වෙළෙඳපොළ පරිචයන් හා ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මේ සමාගම 2014, 2015 සහ 2016 යන වසර තුනේදී රුපියල් කෝටි 1106 ක අති විශාල ලාභයක් උපයා ගත්ත ද සමාගම ව්‍යාපාරික කටයුතු පටන් ගෙන ඇත්තේ 2014 පෙබරවාරි 05 වැනිදා රුපියල් මිලියන 300 කින් බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS