බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමේදී තමාට ආරක්ෂාව ලබාදීමට පොලීසිය කටයුතු නොකළ බව රිමාන්ඩ් බන්ධගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල...
බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමේදී තමාට ආරක්ෂාව ලබාදීමට පොලීසිය කටයුතු නොකළ බව රිමාන්ඩ් බන්ධගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පසුගිය දින කිහිපය තුළ තමාට ආරක්ෂාව ලබාදීමට පොලීසිය ප්‍රමාද කළ බවත්, අද දිනයේදී ආරක්ෂාව ලබාදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළබවත් මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම අද දිනයේදී ආරක්ෂාව ඉල්ලා සිටියද, බම්බලපිටිය පොලිස් මූලස්ථානයේ සැරයන්වරයෙකු ආරක්ෂාව ලබාදීම ප්‍රතික්ෂේප කළ බවද මන්ත්‍රීවරයා මෙහිදි ප්‍රකාශ කළේය.
මේ හරහා තම වරප්‍රසාද කඩ වී ඇති බැවින් මේ පිළිබඳ සොයාබලා කටයුතු කරන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ හේතුවෙන් නියමිත වේලාවට පාර්ලිමේන්තුවට පැමිණීමට පවා නොහැකි වූ බවද හෙතෙම කියා සිටියේය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද අහිමිවීමට ඉඩ නොදෙන බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය
COMMENTS