ජාතික පාරිසරික පනත හා 2017 ජූලි 11 ඇමැති මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුව සැප්තැම්බර් පළමු වැනිදායින් පසු තම ගෙවත්තේ වුවද පොලිතින් හා...

ජාතික පාරිසරික පනත හා 2017 ජූලි 11 ඇමැති මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුව සැප්තැම්බර් පළමු වැනිදායින් පසු තම ගෙවත්තේ වුවද පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම තහනම් බවත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ඒ අනුව යම් පුද්ගලයකු තම ගෙවත්තේ පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම කළහොත් ජාතික පාරිසරික පනත අනුව ඒ පුද්ගලයන්ට විරුද්ධව අධිකරණයක නඩුවක් පවරා රුපියල් 10,000 ක දඩයක් හෝ වසර දෙකක සිර දඬුවමක් හෝ ඒ දෙකම හෝ ලබාදීමට ඉඩ කඩ ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.
ප්ලාස්ටික්,පොලිතින් පිලිස්සීම නිසා වායු ගෝලයට ඩයොක්සින්, ෆියුරාන්, අවලම්බිත අංශු හා ෆෝමැල්ඩිහයිඩ් වැනි පිළිකා කාරක හා ශ්වසන ආබාධ ඇති කරන විෂ වායු රැසක් එක්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර මහත්මිය කළ පර්යේෂණවලින් පැහැදිලිව අනාවරණය වී තිබේ.
COMMENTS