ත්‍රීරෝද රථ මීටර් සඳහා ප්‍රමිතිගත ක්‍රමවේදයක් සකස් නොකිරීම හේතුවෙන් ගැටළු රැසක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංමගය ...
ත්‍රීරෝද රථ මීටර් සඳහා ප්‍රමිතිගත ක්‍රමවේදයක් සකස් නොකිරීම හේතුවෙන් ගැටළු රැසක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංමගය ප්‍රකාශ කරයි.
එහි ලේකම් ටී.ආර්.ආර් පල්ලි මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් පාරිභෝගිකයින්ගෙන් මුදල් අය කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවන බවයි.
ත්‍රිරෝද රථ මීටර් සඳහා ප්‍රමිතිගත ක්‍රමවේදයක් සකස් කිරීමට රජය ගෙන ආ පනත මේ වන තෙක් බලාත්මක කර නොමැති බව ද ඔහු කියාසිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව පැමිණිලි රැසක් ලැබී ඇති බැවින් කඩිනමින් පනත බලාත්මක කිරීමට පියවර ගන්නා බවයි.
COMMENTS