දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරු මැදට එජාපයෙන් නාලක කොලොන්නේ - ගෝඨා, ෆොන්සේකා ගැනත් කසු කුසුවක්.
Homeප්‍රවෘත්ති

උතුරු මැදට එජාපයෙන් නාලක කොලොන්නේ - ගෝඨා, ෆොන්සේකා ගැනත් කසු කුසුවක්.

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව උතුරු  මැද මහ ඇමති අපේක්ෂකත්වය පොලොන්නරුව දිස්තිකයේ නාලක කොලොන්නේ මහතාට හිමිවනු ඇති බව වාර්...

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකට අද සිට උපරිම මිලක්
ඉදිරි පැය 12 ඇතුළත පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාගේ අතුරු තහනම දීර්ඝ කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව උතුරු මැද මහ ඇමති අපේක්ෂකත්වය පොලොන්නරුව දිස්තිකයේ නාලක කොලොන්නේ මහතාට හිමිවනු ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් උතුරු මැද පළාත් සභාව සඳහා මහ ඇමති අපේක්ෂකවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසක් ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නමත්, ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නමත් යෝජනා කර ඇති බවට ද දේශපාලන ආරංචි පැතිර යයි.

20 සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය සහ ලබන බදාදාට ඉදිරිපත් වන සංශෝධනය පිළිබඳව පාර්ලිමේනේතුවේ අනුමැතිය ලැබීම හෝ නොලැබීම මත පළාත් සභා තුනක මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ලැබීමට නියමිතය.

ඒ අනුව සබරගමුව,උතුරුමැද හා නැගෙනහිර පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට සිදු වුවහොත් ඒ ඒ පක්ෂ වලින් ඡන්ද සටනට ප්‍රබලයන් ඉදිරිපත් කිරීම ගැන මේ වන විට නාම යොජනා ඉදිරිපත් වෙමින් තිබෙන බව වාර්තාවේ.

මේ අතර 1993දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බස්නාහිර පළාත් සභාවට තරඟ කරමින් ඇතිකළ රැල්ල අනුව මැතිවරණ ජයග්‍රහණ රැල්ලක් ඇති වීම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ උතුරු මැද මැතිවරණට යොමු කොට ජයග්‍රහණය කරවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසකගේ අදහස වී තිබේ.

සබරගමුවට හේෂා


මේ අතර සබරගමු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රක්වාන ප්‍රධාන ආසන සංවිධායක හේශා විතානගේ නම් කොට ඇති බවට ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රූකාන්ත සහ තරංග කෑගල්ලෙන් සබරගමුවට

එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී සබරගමුව පළාත් සභාවට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට ප්‍රකට චරිත දෙකක් ඉදිරිපත්වන බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

මේ වන විට ඒ සම්බන්ධ මූලික වටයේ සාකච්ජා සාර්ථකව අවසන්වී ඇති බවද අප වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වෙතින් දැනගන්නට ලැබී ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා තරඟවැදීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය තුලින් ඔහුට ලැබී ඇති ආරාධනයට මේ වනවිට ඔහු කැමැත්ත පළකර තිබෙන බව ද වාර්තා වේ.

එසේම ඒ පිලිබඳ වැඩිදුර සාකච්ජා මේ වනවිට දෙපාර්ශවය අතර සිදුවන බවද සඳහන් වේ. කෙසේ නමුත් ගුණතිලක මහතා මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටි.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක තරංග පරණවිතාන මහතා කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නියමිත බවත් ඊට අදාල සාකච්ජා, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් සමග පවත්වා ඇති අතර මේ වනවිට ඊට දෙපාර්ශවයේ එකඟතාවය පලවී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.


මේ වනවිට පළාත් සභා රැසකටම ප්‍රවීන චරිත රැසක් ඉදිරිපත්වන බවට ආරංචි ලැබෙමින් පවතින අතර සබරගමු පළාත් සභා මැතිවරණය ඉහත තත්ත්වය හමුවේ උනුසුම්වනු ඇති බවද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටියි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු මැදට එජාපයෙන් නාලක කොලොන්නේ - ගෝඨා, ෆොන්සේකා ගැනත් කසු කුසුවක්.
උතුරු මැදට එජාපයෙන් නාලක කොලොන්නේ - ගෝඨා, ෆොන්සේකා ගැනත් කසු කුසුවක්.
http://ift.tt/2jCxffZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_773.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_773.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy