අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර ඇත. එහි සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් ක...
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර ඇත.
එහි සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කර ඇත්තේ පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සහ කරවල සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම වන බවයි.
ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත්, පරිප්පු කිලෝවක මිල රුපියල් 130ක් ලෙසත්, ආනයනික අර්තාපල් කිලෝවක් උපරිම මිල රුපියල් 76ක් ලෙසත් දැක්වේ.
මෙම ආහාර ද්‍රව්‍යවල උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට් නිවේදනය අද නිකුත් කරන බවද ඒ මහතා සඳහන් කර ඇත.
COMMENTS