පොදු දේපල පනත අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර නොගන්නැයි නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 15 දක...
පොදු දේපල පනත අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර නොගන්නැයි නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (6) තීන්දු කළේය.
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් අතුරු තහනමක් මීට පෙර නිකුත් කර තිබිණි.
සභාපති එල්.ටී.පී. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ලබන 15 නඩුව විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS