බැඳුම්කර කොමිසම ඉදිරියේ කරුණු විමසීමකදී තම පුතුගේ නම සඳහන් කර තිබුණද ඒ සඳහන සනාථ කෙරෙන කිසිදු අදහසක් කොමිසම ඉදිරියේ ඉදිරිපත් වී නොමැති බව...
බැඳුම්කර කොමිසම ඉදිරියේ කරුණු විමසීමකදී තම පුතුගේ නම සඳහන් කර තිබුණද ඒ සඳහන සනාථ කෙරෙන කිසිදු අදහසක් කොමිසම ඉදිරියේ ඉදිරිපත් වී නොමැති බවයි සේනානායක මහත්මිය සඳහන් කරන්නේ. එසේ සඳහන් කෙරුණේද 2016 වසරේ සිදුවූ සංවාදයක් බවත් ඒ වන විට තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නොවන බවද ඇය ප්‍රකාශ කරයි. එසේ තිබියදී ඇතැම් ජනමාධ්‍ය කිසිදු සොයා බැලීමකින් තොරව බැඳුම්කර ගණුදෙනුවට තමන් හා පුත්‍රයා සම්බන්ධ බවට පුවත් පළ කරන බවත් එමඟින් පෙන්නුම් කරන්නේ අද මාධ්‍ය ක්ෂේත්‍රය වැටී ඇති තත්වය බව රෝසි සේනානායක මහත්මිය කියා සිටියි.
කෙසේ වෙතත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර අපහාස කළ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.
බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවි හා මිලදී ගැනුම් නිලධාරී නුවන් සල්ගාදු ප්‍රකාශ කර තිබුණේ කෝප් කමිටුව හමුවට කැඳවන ලද සිය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගේ රහස්‍ය ප්‍රකාශයේ පිටපතක් එම කමිටුවේ සාමාජිකාවක වූ රෝසි සේනානායක විසින් අර්ජුන් ඇලෝසියස්ට ලබා දී ඇති බවයි. එම සාක්ෂි පිටපත අර්ජුන් ඇලෝසියස් වෙත ගෙනවිත් දී ඇත්තේ රෝසි සේනානායක මහත්මියගේ පුතා වන කණිෂ්ක සේනානායක විසින් බව නුවන් සල්ගාදු මහතා ප්‍රකාශ කර තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS