දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගම්මන්පිලට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහිමිවන ලකුණු.
Homeප්‍රවෘත්ති

ගම්මන්පිලට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහිමිවන ලකුණු.

PropellerAds

ඕස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ෂැඩික් යන අයට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ සමාගම් කොටස් මිලියන 2ක් ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් සකස් කර ප‍්‍...

ආණ්ඩුව අරගෙන අපිට වුනේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්…- ජොන්ස්ටන්
1000 සහන මල්ලට විරුද්ද අය අත්අඩංගුවට ගන්න..- බන්දුල රහස් පොලිසියට කියයි…
පඬුවස්නුවරින් පොහොට්ටුව ලොකු ටොක්කක්… සමුපකාරයෙන් පොහොට්ටු අපේක්‍ෂක පරදා ශ‍්‍රීලනිපය දිනයි..

ඕස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ෂැඩික් යන අයට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ සමාගම් කොටස් මිලියන 2ක් ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් සකස් කර ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට විකිණීම සම්බන්ධව උදය ගම්මන්පිල මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අංක 8394/16 දරණ නඩුව ශාලා අංක 05දී ඊයේ (18) දින විභාගයට ගන්නා ලදී.

එහිදී බ‍්‍රයන් ෂැඩික් මහතාගෙන් දෙවන දිනටත් හරස් ප‍්‍රශ්ණ අසනු ලැබිණි. උදය ගම්මන්පිල මහතා නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරු කිහිපදෙනෙකු විසින් පුරා පැය තුනකට ආසන්න කාලයක් එහිදී හරස් ප‍්‍රශ්ණ අසන ලදී.

එහිදී ඔවුන් විසින් අසනු ලැබූ හරස් ප‍්‍රශ්න අතරින් කිහිපයක් පහත දැක්වේ,

ජනාධිපති නීතිඥවරයා : ‘ඔබට ඇටර්නි බලපත‍්‍රයක් පෙන්වනවා මෙහි ඔබේ අත්සන තිබේදැයි බලන්න’

බ‍්‍රයන් ෂැඩික්: මම ඔවැනි ඇටර්නි බලපත‍්‍රයකට අත්සන් කර නැහැ, ඔය මා විසින් දීපු ඇටර්නි බලපත‍්‍රයක් නොවෙයි, ඔය අත්සන මගෙත් නොවෙයි. හොර ඇටර්නි බලපත‍්‍ර හැදුව හොරා විත්ති කූඩුවේ ඉන්නවා උදය ගම්මන්පිල. එයාගෙන් විස්තර අහගන්න. ඔහු ජාත්‍යන්තර අපරාධකරුවෙක් (International Criminal)

ජනාධිපති නීතිඥවරයා : විශේෂ අපරාධ පරීක්ෂණ ඒකකයේ පොලිස් නිලධාරියෙක් ඔස්ටේ‍්‍රලියාවට ගෙන්වාගෙන බොරු සාක්ෂි ලබා දී තිබුණා නේද?

බ‍්‍රයන් ෂැඞ්ඩික්: ඔය වගේ පොලිස් දෙපාර්තමේන්තුවට අපහාස කරන ප‍්‍රශ්ණ උසාවියේ නගන්න එපා. ඒක පොලීසියිට මෙන්ම මුළු මහත් ලංකාවටම අපහාසයක්. ඉතාමත් දක්ෂ නිලධාරීන්ගෙන් යුත් ලංකාවේ පොලීසිය ඉතාමත් විශිෂ්ට ලෙස ක‍්‍රියාකර මේ වංචාකරු කොටුකර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් ඔබේ රටට ආඩම්බරයක්. ඔවුන්  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙක් වන මට ඉටු කළ සාධාරණය පිළිබදව මමත් නිහතමානීව ආඩම්බර වෙනවා.

ජනාධිපති නීතිඥ: ලංකාවේ ප‍්‍රබල දේශපාලනඥයෙක්ගේ උවමනාවක් නිසා ඔබව ලංකාවට ගෙනැවිත් මෙම ව්‍යාජ පැමිණිල්ල ගොණු කළා නේද?

බ‍්‍රයන් ෂැඞ්ඩික්: මට කිසිදු දේශපාලනික පසුබිමක් නැහැ. මොහු මගේ මුදල් වංචා කළේ 1997දී ඉන් පසුව තම දේශපාලන සබදතා මගින් ජීවිත තර්ජන එල්ල කරමින් මා ලංකාවට ඒම වැළැක්වූවා. ඒ අනුව දේශපාලන බලපෑම් කළේ ඔහුයි. ඔහුට බලයක් හිමිව තිබූ ඒ ආණ්ඩු පෙරලෙනතුරු බලා ඉදලා, අවස්ථාව උදාවුණු විටමම ඉදිරිපත් වුණේ ඒකයි. මෙතැන අසාධාරණය වුනේ මට. මොහු වංචා කළේ මගේ මුදල්. දැන් නීතිමය ක‍්‍රියාදාමය වෙන අතකට යොමු කරන්න දේශපාලන බලපෑමක් ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් හොරුන්ගේ හැටි ඔහොම තමයි.

ඒ අනුව පැය තුනකට ආසන්න කාලයක් හරස් ප‍්‍රශ්ණ අසන ලදී. නැවත හරස් ප‍්‍රශ්ණ ඇසීම සදහා 2017/10/11 දිනට නඩුව කල් තබන ලදී.

මෙම නඩුවේ මෙතෙක් සිදුකරන ලද සාක්ෂි විමසීම් හා විමර්ශනවලදී උදය ගම්මන්පිල විසින් සිදුකරන ලද වංචනික ක්රිකයා රැසක් හෙළිදරව් වී තිබෙන බව වාර්තා වන අතර ඉහත ඉදිරියේදී උදය ගම්මන්පිලගේ පාර්ලිමේන්තු මන්ත්රීර ධුරයද අහෝසිවීමට බොහේ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වේග

8394 නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන ඔක්තෝම්බර් 11 වන දින පැවැත්වීමටත් 8395 නඩුව ඔක්තෝම්බර් 03 වන දා ඇසීමටත් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුණසිංහ මහතා විසින් නියෝග කොට තිබේ. ඒ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කර සමාගමක ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන 20 ක මුදලක් වංචා කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිලට එරෙහි නඩුව ඊයේ (18) කැඳවූ අවස්ථාවේදීය.

විශේෂ සටහන : මෙම සිදුවීම අදාළ පරීක්ෂණ කටයුතුවලදී උදය ගම්මන්පිල මහතා පොලීසියට සහ මහේස්ත‍්‍රාත් අධිකරණයට පවසා ඇත්තේ ‘බ‍්‍රයන් ෂැඞ්ඩික්ට පෑන් ඒෂියා බැංකුවේ කොටස් නොතිබූ බවත්, සොරකම් කිරීමට ඔහුට කොටස් තිබිය යුතු බවත්’ය. එමෙන්ම කොටස් විකිණීමට ‘තමා වෙත ඇටර්නිබලපත‍්‍රයක් ලබා දී නොමැති බවත්’ එහෙයින් ‘එවැනි ලේඛණයක් සොයාගත නොහැකි බවත්’ය. කෙසේ නමුත් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ දිවුරුම් ප‍්‍රකාශ මගින් බ‍්‍රයන් ෂැඞ්ඩික් මහතාට පෑන් ඒෂියා බැංකුවේ කොටස් තිබූ බවත්, ඒවා විකිණීම සදහා ඇටර්නි බලපත‍්‍රයක් තමා වෙත ලබා දී තිබූ බවත් පවසා ඇත. එමෙන්ම කොටස් ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විකුණා ලබාගත් මුදල් සිය සගයා වන සිඞ්නි ජයසිංහ යන අයටලබා දුන් බවත් සදහන් කර ඇත. ඉන් පසුව දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දුන් සිඞ්නි ජයසිංහ යන අය ප‍්‍රකාශ කරන්නේ ගම්මන්පිල විසින් අදාළ කොටස් විකුණා මුදල් තමා වෙත ලබා දුන් බවත්, තමා දැන් බොහෝ සෙයින් වයස්ගත බැවින් එම මුදල්වලට කළ දේ තමාට මතක නොමැති බවත්ය.

(ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ බ‍්‍රයන් ෂැඩික්ගේ කොටස් නොතිබූ බවටත්, තමාට ඇටර්නි බලපත‍්‍රයක් දී නොමැති බවටත් මාධ්‍ය හමුවේ කළ ප‍්‍රකාශයේ වීඩියෝ පටය:

ගම්මන්පිල මහතා විසින් අධිකරණයට ලබා දුන් දිවුරුම් ප‍්‍රකාශයෙන් වරද පිළිගෙන ඇති අයුරු:




සිඞ්නි ජයසිංහ මහතා කොටස් විකුණා ලබාගත් මුදල්වලට කළ දේ මතක නැති බව දිවුරුම් ප‍්‍රකාශයෙන් ශ්‍රේ්ෂ්ඨාධිකරණයට පවසා ඇති අයුරු. 


සටහන: මෙහි සදහන් දිවුරුම් ප‍්‍රකාශයන් ප‍්‍රසිද්ධ ලේඛණ ගණයට වැටෙන අතර  ඕනෑ අයෙකුට අදාල මුදල් ගෙවා අධිකරණයෙන් ඒවායේ පිටපත් ලබාගත හැකි බවත් මෙහිලා සදහන් කරනු කැමැත්තෙමි. කෙසේ වෙතත් ඔබගේ පහසුව සදහා සම්පූර්ණ දිවුරුම් ප‍්‍රකාශවල පිටපත් පහත සබැදියන්ගෙන් ලබාගත හැකි ලෙස දක්වා ඇත.

ගම්මන්පිලගේ සම්පූර්ණ දිවුරුම් ප‍්‍රකාශය

http://ift.tt/2wu9gFT

සිඞ්නි ජයසිංහගේ සම්පූර්ණ දිවුරුම් ප‍්‍රකාශයය

http://ift.tt/2wu9gFT

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගම්මන්පිලට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහිමිවන ලකුණු.
ගම්මන්පිලට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහිමිවන ලකුණු.
http://ift.tt/2yoaAHI
https://i.ytimg.com/vi/sqED_4ZgQfE/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_446.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_446.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy