සතොස වෙළඳ සැල් ජාලය හරහා අලෙවි කරනු ලබන රුපියල් දහසේ සහන මල්ල පිළිබඳව බරපතළ අසත්‍ය චෝදනා එල්ල කරන සියලු දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ...
සතොස වෙළඳ සැල් ජාලය හරහා අලෙවි කරනු ලබන රුපියල් දහසේ සහන මල්ල පිළිබඳව බරපතළ අසත්‍ය චෝදනා එල්ල කරන සියලු දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා අත්අඩංගුවට ගන්නා ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටී.
ඔහු පෙන්වා දෙන්නේ මෙම ජාතික වැඩපිලිවෙලට විරුද්ධව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නම් සංවිධානයක් බරපතළ රාජ්‍ය විරෝධී චෝදනා ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි.
මිනිසා එම සංවිධානයේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පැවැත්වීමට මැදිහත් වන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
රුපියල් දහසේ සහන මල්ල භාණ්ඩ වර්ග 12ක් සහිතව ජනතාවට මේ දිනවල සතොස අලෙවි සැල් හරහා කිසිදු හිගයකින් තොරව බෙදා හරින බවද ඔහු පැවසීය.
COMMENTS