දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව අරගෙන අපිට වුනේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්…- ජොන්ස්ටන්
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව අරගෙන අපිට වුනේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්…- ජොන්ස්ටන්

PropellerAds

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටේ මාර්ග පද්ධතිය ඉතාමත් ඉහළ මට්ටමින් සංවර්ධනය කර රටේ ජනතාවට පහසුවෙන් යාම් ඊම් ක...

දෙමටගොඩ තවත් පිපිරීමක්
අද පස්වරු හයේ සිට හෙට උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරිනීතිය
සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි
ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටේ මාර්ග පද්ධතිය ඉතාමත් ඉහළ මට්ටමින් සංවර්ධනය කර රටේ ජනතාවට පහසුවෙන් යාම් ඊම් කිරීමට අවකාශ සැලසීම ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ප්‍රධාන අරමුණ වේ. එම අරමුණ ශාක්ෂාත් කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට අලුතින් වැඩ පරිපාලකවරුන් බඳවා ගන්නා ලදි. වැඩ පරිපාලකවරුන් සඳහා පත්වීම් ලිපි පිරිනැමීම පසුගියදා මහා මාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව පත්වීම්ලාභීන් ඇමතූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

අද දින පත්වීම් ලබා ගත් සියලුදෙනාටම හදවතින් සුබ පතනවා. මහා මාර්ග අධිකාරියේ 13,000 ක් වැඩකරන වැඩ බිමකට තමයි තමුන්නාන්සේලා පත්වීම් ලබන්නේ. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම වැඩපිළිවෙලේ රැකියා ලක්ෂයක් ලබා දීමේ පොරොන්දුව එතුමා ඉටුකළා. එතුමා අද වෙද්දි 40,000කට ආසන්න පලමු වටයේ දී රැකි රක්ෂා දීලා දෙවනි අදියරේ 60,000 කට රැකි රක්ෂා දෙන වැඩපිළිවෙලට එතුමා අතගහල ඉවරයි. එතුමා පළවෙනි පොරොන්දුව ඉටුකළා. උපාධිධාරී රැකියා 67,000 ලබා දෙනවා කිව්වා. එතුමා දේශපාලන භේදයකින් තොරව ඒ පොරොන්දුව ඉටු කරපු නායකයෙක් විදියට එතුමා ඉතිහාසගත වෙනවා. ජනාධිපතිතුමන් ගම්වලට ආවම ගම්වල මිනිස්සු එතුමගෙන් ඉල්ලපු ඉල්ලීම් තමයි එතුමා ඉෂ්ට කරගෙන යන්නේ. විශේෂයෙන් ඔබ රාජ්‍ය සේවකයෙක් කියල මතක් කරනවා. රාජ්‍ය සේවය කියන්නේ පෞද්ගලික සේවයට වඩා ලංකා ඉතිහාසයේ ජනතාව වඩාත් කැමති සේවයක්. තමන්ගෙ දෙමව්පියන් පවා කැමතියි තමන්ගේ දරුවන් රාජ්‍ය සේවයේ ඉන්නවට. මම දකින්නේ ඔබලව වාසනාවන්ත පිරිසක් විදියට. ඒ වගේම මම මතක් කරන්න කැමතියි, අපි මේ හැම දෙයක්ම කරන්නෙ බොහොම අමාරු කාලයක. අපිට නැවත හම්බ වුණේ ආර්ථික වර්ධන වේගය අඩු වුණ රටක්.

ඒ වගේම ජාතික ආරක්ෂාව විනාශ වෙලා තිබුණ රටක්. ණය අරගෙන ණයවලින් වැඩ නොකරපු රටක් තමයි මහින්ද රාජපක්ෂ අගමතිතුමාටයි ජනාධිපතිතුමාටයි හම්බ වුණේ.අපි රට භාර ගෙන ටික කාලයක් යද්දි ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ කොවිඩ් අර්බුදය ආව. අපි ජනතාවට පොරොන්දු වුණා බදු අඩුකරනවා කියලා. හැම අතින්ම බදුවලින් පිරුණු ජනතාවට අපහසු වුණ රටක් නිර්මාණය වෙලයි තිබුණෙ. ව්‍යාපාරිකයන් ආයෝජනය කරන්න බැහැ. පොරොන්දුනා වගේම අපි හැම අතින්ම බදු අඩුකෙරුවා. බදු වැඩි උනාම ආයෝජනය කරන්න බැහැ. තමන් උපයන මුදල් බදු විදිහට යන්නෙ ආණ්ඩුවට. සාධාරණව ගත්තොත් කවුරුත් තමන් උපයන මුදලට සරිලන විදිහට බදු ගෙවන්න කැමතියි. තමන් හම්බකරන මුදලින් අසීමිත විදියට බදුගෙවන්න ජනතාවට අසීරුයි. එතකොට ජනතාව වංචා කරන්න පෙලඹෙනවා. නමුත් අඩු බදු ප්‍රතිපත්තියට ආපුවහම ජනතාව ඔවුන් සතු මුදල් ආයෝජනය කරන්න පෙළඹෙනවා. නැත්තම් බැංකුවටවත් නොදමා මුදල් හංගගෙන ඉන්නවා.

පහුගිය යහපාලන ආණ්ඩුව කිව්වෙ රාජ්‍ය ආදායම සීයට සීයකින් වැඩි කරනවා කියලා. රාජ්‍ය ආදායම සියට සීයකින් වැඩි කරනවා කියන්නේ ඔබගෙයි මගෙයි සාක්කුවේ තියෙන මුදල් ආණ්ඩුවට යන එක. ඉතින් බදු අඩුකරලා අමාරුම කාලයක තමයි අපි මේ දෙවල් කරන්නෙ. ආර්ථික වශයෙන් අමාරුම කාලයක තමයි රැකී රක්ෂා ලබන්න ඔබලා වාසනාවන්ත උනේ. ඒකට ප්‍රධාන හේතුව මේ රටේ ආර්ථික කළමනාකාරිත්වය. විනාශ වීගෙන ගිය ආර්ථිකය ස්ථාවරයකට අරගෙන තියෙනව මේ ආණ්ඩුව. විදේශයන්ට ගෙවිය යුතු ණය ගෙවමින්, රැකියා ලක්ෂ ගණන් ලබා දෙමින් , කිලෝමීටර් ලක්ෂයේ මාර්ග ව්‍යෘපෘතිය ආරම්භ කරලා , ඒ වගේම වාරි සෞභාග්‍යා යටතේ වැව් ප්‍රතිසංස්කරණය කරන වැඩ පිළිවෙලවල් ආරම්භ කරලා , ඒ වගේ දැවැන්ත කාර්යභාරයක් මේ ආණ්ඩුව විසින් අමාරුම කාලයකදි කළා . ඉතාමත්ම අමාරු කාලයක ඔබතුමන්ලාව අපි බඳවගත්තා අපේ අමාත්‍යාංශයට. රාජ්‍ය සේවයට ආවම ආණ්ඩුව සමග වැඩ කරන්න සිද්ද වෙනවා. විවිධ දේශපාලන වටපිටාවන් මෙහි තියෙන්න පුළුවන්. නමුත් වැඩ කරද්දි උපරිමයෙන් ජනතාවට සේවය කරන්න කැපවෙන්න. විශාල කාර්යභාරයක් තියෙනවා රාජ්‍ය සේවකයන් හැටියට ඔබට කරන්නට රටේ සංවර්ධනය වෙනුවෙන්.

අපි නැවත බලයට ආපු ගමන් කිලෝමීටර ලක්ෂයේ ව්‍යාපෘතිය ආරම්භ කළා. දැන් නැවත වාරයක් කොන්ත්‍රාත් සමාගම්කරුවන්ට රැකි රක්ෂා නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයටත් අලුතින් අවස්ථාව ලැබිල තියෙනවා. ඔබ සියලු දෙනා ඉලක්කයක් හදාගන්න. ඔබට බාර දුන්න වැඩේ හරියට කරනවා, මේ සියල්ල රට වෙනුවෙන් කරන බව මතක තියාගන්න.තරුණ ඔබෙන් ඉල්ලා සිටින්නේ රට වෙනුවෙන් ඉතාමත් හොදින් වැඩ කරන්න කියලා.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
මහමාර්ග අමාත්‍යාංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව අරගෙන අපිට වුනේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්…- ජොන්ස්ටන්
ආණ්ඩුව අරගෙන අපිට වුනේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්…- ජොන්ස්ටන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHDf91mjrrBpz9Msoifl5xbN32V9uSvsefV4MiODmLo7N38jHcQLAovDJVmdPWmQwMqPmbH8AMTKLAqr0J3TxgIMulz2JCZV6e0tHolBzq_Mjyjv142U41mrfLuyVBt8yxJ4FBJ-wrsVY/s320/jonstons.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHDf91mjrrBpz9Msoifl5xbN32V9uSvsefV4MiODmLo7N38jHcQLAovDJVmdPWmQwMqPmbH8AMTKLAqr0J3TxgIMulz2JCZV6e0tHolBzq_Mjyjv142U41mrfLuyVBt8yxJ4FBJ-wrsVY/s72-c/jonstons.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_704.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_704.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy