පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානවලට හානි කිරීමේ චෝදනා මත තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සිතුල්පව්ව රජමහා විහාරාධිපති හිමියන්...
පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානවලට හානි කිරීමේ චෝදනා මත තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සිතුල්පව්ව රජමහා විහාරාධිපති හිමියන් පවසනවා.
ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පිහිටි ගල් ලෙන්වල බුදු පිළිම ස්ථාපිත කිරීම මීට ආසන්නතම හේතුව බවයි උන්වහන්සේ කියා සිටියේ.
අදාළ ලෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සහ ඒවායේ සිදුවන විෂමාචාර අවම කිරිමේ අරමුණින් ඒවායේ බුදු පිළිම තැන්පත් කළ බව ද විහාරාධිපති හිමියන් කියා සිටියා.
කෙසේ වෙතත් පුරා වස්තු විනාශ කිරීමට තමන් කිසිවිටෙකත් ක්‍රියා කර නොමැති බවයි උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් ඊයේ (18) සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා. ඔහු එහිදී කියා සිටියේ අද(19) දිනය ඇතුළත ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන බවයි.
COMMENTS