එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමාගේ තනතුර අනුව ජනතාව අහස පොළව හැර අන් සියලුම දේ තමන්ගෙන් ඉල්ලා සිටින බවයි. එහෙත් තමන...
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමාගේ තනතුර අනුව ජනතාව අහස පොළව හැර අන් සියලුම දේ තමන්ගෙන් ඉල්ලා සිටින බවයි. එහෙත් තමන් සිරිසඟබෝ න්‍යායට විරුද්ධ බවත් අසාධාණ ඉල්ලීම්වලට කිසිසේත් කන් නොදෙන බවත් ඇමතිවරයා පවසයි.
ජාත්‍යන්තර කම්කරු දිනයට කම්කරු පංතිය දිනේවා යනුවෙන් පෙළපාලි යන සෞඛ්‍ය සේවකයන් තමන්ගේ තනතුර කම්කරු ලෙස තිබීමට විරෝධය පළකරන බවත් එම තනතුර සෞඛ්‍ය කණිෂ්ට සහායක ලෙස වෙනස් කිරීමට සිදු වූ බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. තනතුරු ලබාදී ඇත්තේ ජනතාවට සේවය කිරීමට මිස අයිතීන් ඉල්ලා නිරන්තර අරගල කිරීමට නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
'බෝනොවන රෝග සෞඛ්‍යට ඇති විශාලතම තර්ජනයක් වෙනවා. හදිසි අනතුරු, බෝනොවන රෝග ඇතිවීමට බලපා ඇති එක් කරුණක් වෙනවා. හදිසි අනතුරුවලින් වසරකදී 4000 ක් පමණ මිය යනවා. තවත් විශාල පිරිසක් පීඩාවට පත් වෙනවා. සෑම දිස්ත්‍රික්කයකම හදිසි අනතුරු සේවා මෙන්ම විශේෂ ප්‍රතිකාර සේවා ඒකක ද ස්ථාපිත කරනවා. ලියුකේමියා රෝගීන් සඳහා ඇටමිදුලු බද්ධ කිරීම මහරගම අපේක්ෂා රෝහලේ දී ආරම්භ කර තිබෙනවා. තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදුලු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය මහනුවර මහ රෝහලේ දී ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.'
'පසුගිය වසරේ අයවැයෙන් සෞඛ්‍ය සේවාවට රුපියල් බිලියන 235 ක මුදලක් ලැබුනා. මෙවර අයවැයෙන් ද විශාල මුදලක් ලැබී තිබෙනවා. ජාතික ආඝාත මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වසර 2020 වනවිට අවසන් කිරීමට නියමිතයි. සෞඛ්‍ය සේවාව අද ඉතා නිවැරදිව ඉදිරියට ගමන් කරනවා. සියලුම සෞඛ්‍ය සේවකයින් තම තනතුරු වලින් ජනතාවට සේවය කළ යුතුයි. කාටවත් බලය පෙන්වීමට එය භාවිත කරන්න එපා. බදාදා දිනවල පැවැත්වෙන මහජන දිනයට පැමිණෙන ජනතාව සියලුම ඉල්ලීම් ඉල්ලනවා. මගේ ඇමැතිකම, අහස සහ පොළාව පමණයි ඉල්ලන්නේ නැත්තේ. පුලුවන් කෙනෙක් ආවොත් මගේ ඇමැතිකමත් ඉල්ලයි. හැබැයි මම සිරිසගබෝ න්‍යායට විරුද්ධයි. රෝහල් සේවා විධිමත්ව පවත්වාගෙන යා යුතුයි. සෞඛ්‍ය සේවාවේ කම්කරු තනතුරේ නාමය මේ වන විට ඉවත් කර තිබෙනවා. නමුත් කම්කරු කියන නාමය මුලු ලෝකයටම වැදගත්. අපට තමයි හොද නැත්තේ. කම්කරු පන්තිය දිනේවා යනුවෙන් පෙළපාලිත් පවත්වනවා. කම්කරු තනතුර ඉවත් කර සෞඛ්‍ය කණිෂ්ඨ සහායක තනතුර ලෙස එය නම් කර තිබෙනවා. නමුත් පදවි නාම වෙනස් කිරීමෙන් පමණක් සේවාවක් සැපයෙන්නේ නැහැ. ඒ සදහා පදවිය දරන්නා ද සේවය සැපයීමට කැපවිය යුතුයි. නැගෙනහිර කොළඹ මුලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. එවිට සරසවි සිසුන්ට පවා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. මෙම රෝහලේ තිබූ වටිනා ශාඛ කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ෂණයක් ද පැවැත්වෙනවා.'
COMMENTS