දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෑවැද්දට නයිපෙට්ටිය සමග වඳුරෙකු දුන් වවුනියාවේ අපූරු විවාහ මංගල්‍යය
Homeප්‍රවෘත්ති

දෑවැද්දට නයිපෙට්ටිය සමග වඳුරෙකු දුන් වවුනියාවේ අපූරු විවාහ මංගල්‍යය

PropellerAds

පෙන්ලි සේස්තාව් වූ මොවුන්ව රබන් ගසා පිලිගත්තේ රැහේ වැඩිහිටියන් විසිනි. වියනක් යටින් ඔවුන් කැඳවාගෙන විත් වැඩිහිටියන් ඉදිරියේ රිදියෙන් කළ ම...

එජාපයේ බාලගිරි අවසන් : රනිල් මන්ත්‍රී ධූරය බාරගන්නා දිනය නියම කරයි
වහා රට ලොක්ඩවුන් කල යුතුයි.. අහඹු PCR පරීක්‍ෂණවලින් ආසාදිතයන් 30%ක් !
ලංකාවේ පැතිරෙන්නේ බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදයයි : ප්‍රභේදය ආසාදනය වූ පළමු පුද්ගලයා හමුවුයේ බොරලැස්ගමුවෙන්
දෑවැද්දට නයිපෙට්ටිය සමග වඳුරෙකු දුන් වවුනියාවේ අපූරු විවාහ මංගල්‍යය
පෙන්ලි සේස්තාව් වූ මොවුන්ව රබන් ගසා පිලිගත්තේ රැහේ වැඩිහිටියන් විසිනි. වියනක් යටින් ඔවුන් කැඳවාගෙන විත් වැඩිහිටියන් ඉදිරියේ රිදියෙන් කළ මුදු මාරුවක් සිදුකළ අතර මනමාලියගේ ගෙල බැඳෙන්නේද පබළු මාලයකිනි.
 
පැරැණි සිරිතට අනුව නිවැරැදිවම සිදුවනවා නම් මෝල් ගස් දෙකක් හරහා දමා ඒමත සිටගෙන සිටින යුවල ඇඹරූ සුදු හාල් මිශ්‍ර ජලයෙන් නහවා මෙම මුදු මාරුව හා මාල බැඳීම සිදුවන බව නොච්චිකුලම ගම්මානයේ ප්‍රධානියෙකු වන ඒ. මසන්නා මහතා පැවසුවේ. රත්තරන් මාල බැඳීමක් හෝ මුදුමාරුවක් නොවන බවද ඔහු පවසයි. වර්තමානයේ සමහර දේවල් දුරස්ව ඇති බව පවසන ඔහු තමන්ට පුළුවන් විදියෙන් පාරම්පරික සිරිත් විරිත් ඉදිරි පරම්පරාවට ගෙන යාමට උත්සව අවස්ථාවල කටයුතු කරන බවද පැවසීය.
 
වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නොච්චිකුලම ගම්මානය මෙම තෙලිඟු ජන කොටස ජීවත්වන එකම ගම්මානයයි. එහි පවුල් 54 ක් පමණ මේවන විට ජීවත්වන අතර ඔවුන්ට අනුව ඔවනුගේ ජාතිය හා භාෂාව තෙළිඟුය. ඇතැමෙක්  තමන්ගේ ජාතිය වඩිග බවද කියයි. මොවුන් දැන් සම්ප්‍රදායික හැකියාවන්වූ රිලා නැටවීමෙන් නයි නැටවීමෙන් සාස්තර කීමෙන් දුරස්වෙමින් සිටී. ගෙවතු වගාවට හා මාළු ඇල්ලීම වැනි රැකියාවලට යොමුවනවා මෙන්ම ඇතැමෙක් ඇවිදීමෙන් භාණ්ඩ අලෙවිය වැනි කටයුතුවලද නිරතව සිටිති.
 
එහෙත් තවමත් ඔවුන් තම සම්ප්‍රදායන්ට ගරුකරමින් ජීවත්වන අතර මෙම විවාහ උත්සවය පසුගියදා සිදුවූයේ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්. ජානක මහතා ප්‍රධාන නිලධාරි පිරිසක් හමුවේය.
 
විවාහයෙන් පසුව පැල්කොටයට මනමාල යුවලට මනමාලියගේ පියා විසින් දෑවැද්ද ලෙස දෙන්නේ හරකාබාන නොව නයෙක් සමග නයි පෙට්ටියක් හා වඳුරෙකි. ඒ ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කිරීමට මග පාදා දීමක් බව ගමෙහි පදිංචි එම්. තිම්මන්නා පවසයි.
 
මනමාලයාගේ මව පවසන්නේ මෙම විවාහය ගැන හැමෝම සතුටු වන බවයි. මෙය කතාබහ කොට ඇතිකරගත් විවාහයක් බවද ආර්. ලලිතා (42) පැවසුවාය.
 
මනමාලියගේ මව මසන්නාගේ මසක්කා (54) පවසන්නේ තමන්ගේ තුන්වන දියණියගේ මංගල්‍යය ගැන රැහේ හැමෝම සතුටෙන් සිටිනවා සේම ඔවුන්ට සියලුදෙනාගේම ආශිර්වාදයද ලැබී ඇති බවයි.
 
නයි නලාව වයමින් හා රබන් ගසමින් අත්පුඩියෙන් හා නැටුමෙන්ද මෙම විවාහ උත්සවය අලංකාරවත් විය. ගමේ සියලුදෙනා මඟුල් අසිරිය විඳිමින් සතුටුවන අයුරු දක්නට ලැබිණි. මේ සියල්ලන් කියාපාන්නේ තවමත් ඔවුන්ගේ ජනවර්ගය තුළ නොනැසී පවතින සමගියේ යහ ලකුණකැයි සඳහන් කල හැකිය. 
 
වන්නි රොමේෂ් මධුෂංඛ
 
thelingu 1
thelingu 2
thelingu 3
thelingu 4
thelingu 5
thelingu 6
thelingu 7
thelingu 8
thelingu 9
thelingu 10
thelingu 11
thelingu 12
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෑවැද්දට නයිපෙට්ටිය සමග වඳුරෙකු දුන් වවුනියාවේ අපූරු විවාහ මංගල්‍යය
දෑවැද්දට නයිපෙට්ටිය සමග වඳුරෙකු දුන් වවුනියාවේ අපූරු විවාහ මංගල්‍යය
http://ift.tt/2i80lRk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_599.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_599.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy