දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ව්‍යවස්ථාව ගැන සමහරු බොරු බිල්ලන් මවා පානවා - ලාල් විජේනායක
Homeප්‍රවෘත්ති

නව ව්‍යවස්ථාව ගැන සමහරු බොරු බිල්ලන් මවා පානවා - ලාල් විජේනායක

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් මෙරට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ඇමරිකාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව ක...

විග්නේශ්වරන් හා උතුරු ආණ්ඩුකාරවරයා අතර හමුවක්
"බන්ධනාගාරයේ වීඩියෝව මාධ්‍යට දෙන්න කලින් අපිට දන්වන්න තිබුණා" - තලතා
UPDATE - පුත්තලමේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 ක් හා ඩෙටනේටර් 100ක් සොයා ගැනේ
නව ව්‍යවස්ථාව ගැන සමහරු බොරු බිල්ලන් මවා පානවා - ලාල් විජේනායක
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් මෙරට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ඇමරිකාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව කියමින් ජනතාව මුළා කරන බවත් එවැනි ප්‍රකාශ නිසා ගැටලු මතුවන බව ද ඒ මහතා කීවේය.
 
ඒකාබද්ධ විපක්ෂයේ මහාචාර්ය ජී.එල්. පීරිස්, කෙහෙළිය රඹූක්වැල්ල වැනි මන්ත්‍රීවරු මෙවැනි ප්‍රකාශ මෑතකදී කළ බවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ සකස් කළ ව්‍යවස්ථාවේ පිටපතක් තමන් ඉල්ලා සිටි විට එම මන්ත්‍රීවරු නිහඩ වූ බව මහනුවර දී පැවැති මහජන කථීකාවකදී ලාල් විජේනායක මහතා මේ බව කීවේය.
 
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව මහජන කථිකාව ඉකුත්දා ( සැප් 23) මහනුවර ඩෙවෝන් හෝටලයේදී පැවැති අතර එහිදී  ජන හමුව අමතමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනිතීඥ ලාල් විජේනායක  මහතා මේ බව  ප්‍රකාශ කළේය.
 
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඡන්දය ලබාදී ඇති බවත් නව ආණ්ඩුව බලයට පත් 2015 ජනවාරි මස 08 වන දින මෙන්ම ඊට පෙර සිට ද බොහෝ දෙනෙකුගේ ප්‍රබල ඉල්ලිමක් වූයේ ජනාධිපතික්‍රමය ඉවත් කිරීම යැයි කී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය. 
 
රට ප්‍රජාතන්ත්‍රකරණය කිරීම සදහා විධායක ජනාධිපතික්‍රමය ඉවත් කළ යුතු බව බොහෝ දෙනාගේ ඉල්ලීමක් වුණා. ඒ වෙනුවෙන් ඉකුත් 2016 මාර්තු මස 09 වන දින පාර්ලිමේන්තුවේ රැස්වූ සියලුම මන්ත්‍රීවරුන් ඒ සදහා සිය පූර්ණ එකගත්වය පළ කළා. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මර උගුලක් යැයි කියන අය පවා ඒ සදහා පක්ෂව ඡන්දය ලබා දුන්නා. මාර්තු 09 වන යෝජනාවලියේ පළමු වගන්තිය ලෙස සදහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කාර්යය භාර ගැනීම සිය පළමු කාර්යය වන බවයි. 
 
ඒ අනුව 225 දෙනාගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව විසින් මන්ත්‍රීවරු විසි දෙනෙකුගෙන් සැදුම් ලත් මෙහෙයුම් කමිටුවක් පත් කර ගත්තා. එහි සභාපති අග්‍රාමාත්‍යවරයා වන අතර සෙසු මන්ත්‍රීවරු 20කින් එය සමන්විතයි. සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන පිරිස් එහි සිටිනවා. 
 
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරුන් ද දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ ආදී ලෙස සියලු දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන පිරිස් එහි සාමාජිකයන් වී සිටිනවා. 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා විවිධ විෂයන්ගෙන් දැනුම් සහිත විශේෂඥයන්ගේ සහයෝගය ලැබෙනවා. ඒ වෙනුවෙන් ප්‍රධාන කමිටු 06ක් පත් කොට තිබෙනවා. මුදල් පිළිබද කමිටුවේ සභාපතිවරයා වන්නේ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතායි. මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා මානව හිමිකම් පිළිබද කමිටුවේ සභාපතිධූරය හොබවනවා. රවුෆ් හකීම් මහතා නීතිය පිළිබද කමිටුවේ සභාපතියි. ප්‍රධාන කමිටු 06ට අමතරව අනු කමිටු ද මේ සදහා පත් කොට තිබෙනවා. රාජ්‍ය ස්වරූපය, ආගමට හිමි ස්ථානය ආදි කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වන අතර ඒ වෙනුවෙන් වූ කමිටු මේ වන විට වාර 60ක් පමණ රැස්වී ඇති බව ද සදහන් කළ යුතුයි. 
 
කෙසේ වුවත් ප්‍රධාන සෑම කරුණක් පිළිබදවම සියලු දෙනාගේ පොදු එකගත්වයක් නොමැති නමුත් මූලික අයිතිවාසිකම් පිළිබදව සියලු දෙනා එක මතයකට පැමිණ තිබෙනවා. දැනට පවතින මූලික අයිතිවාසිකම්වලට අමතරව, ජීවත්වීමේ අයිතිය, අධ්‍යාපනය ලැබීමේ අයිතිය, භාෂා භාවිතය, කාන්තා අයිතිවාසිකම්, වැඩිහිටි හා දරුවන් සදහා වූ අයිතීන්, පරිසරය පිළිබද අයිතිවාසිකම් වැනි කරුණු රැසකින් මූලික අයිතිවාසිකම් පිළිබද සංශෝධනය සමන්විතයි. 
 
මේ අයුරින් හැකි තරම් මහජන අදහස් විමසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට කටයුතු කළත් ඊට පක්ෂ ලෙස ඡන්දය දුන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය ගැටලු මතු කරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනිතීඥ ලාල් විජේනායක  මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 
ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය හා මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික සාම පදනම සංවිධාන කර තිබුණු මෙම මහජන හමුවේදී මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ, නීතිඥ ක්‍රිස්මාල් වර්ණසූරිය යන මහත්වරු ද මෙහිදී අදහස් පළ කළහ.
 
නුවර නදීක දයා බණ්ඩාර
 
lal wijenayaka 1
 
lal wijenayaka 2
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ව්‍යවස්ථාව ගැන සමහරු බොරු බිල්ලන් මවා පානවා - ලාල් විජේනායක
නව ව්‍යවස්ථාව ගැන සමහරු බොරු බිල්ලන් මවා පානවා - ලාල් විජේනායක
http://ift.tt/2yA7K2o
https://i.ytimg.com/vi/WMYCceXN7Ds/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_251.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_251.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy