උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා හමු විය. නව ආණ්ඩුකාර වරයා වශයෙන් වැඩ...
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා හමු විය.
නව ආණ්ඩුකාර වරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් පසුව සුබ පැතීම සඳහා හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙසේ හමු විය.
එම හමුවේදී උතුරේ දෙමළ ජනතාවගේ සංවර්ධය හා ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතව ඇති අතර එහිදී උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මධ්‍යම රජයේ සම්බන්ධීකරණයෙන් විසඳුම් ලබා ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී දෙපාර්ශවය සාකච්ඡා කොට ඇත.
මීට අමතරව උතුරේ පවතින වත්මන් දේශපාලනික වාතාවරණය සම්බන්ධයෙන්ද හිටපු මහඇමති විග්නේශ්වරන් හා උතුරු ආණ්ඩුකාරවරයා අතර සාකච්ඡාවක නිරත විය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS